Logo
2020 සැප්තැම්බර් මස 30 වැනි බදාදා

සොයිසාපුර වෙඩි තැබීමට තවත් සැකකරුවෙක් STF මෙහෙයුමකින් අත්අඩංගුවට






ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගිනි අවිවලින් වෙඩි තබා පලා යාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ වන විට සැකකරුවන් සිව් දෙනෙක් මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, ඊයේ පස්වරුවේ අගුලාන සහ රත්මලාන යන ප්‍රදේශවලදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 
අගුලාන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සහ 36 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 225 ක් ද සමඟ අත්අඩංගුවට ගැණීනි.

අනෙක් සැකකරු පෙරේදා පස්වරුවේ රත්මලාන ශ්‍රී ඥාණේන්ද්‍ර පාරේදී අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔහු සිද්ධියට අදාළ හෝටලයේ හිමිකරුගෙන් පළමුවර කප්පම් ඉල්ලපු පුද්ගලයායි. 

එමෙන්ම අදාළ සැකකරු ඩුබායිහි සිටින පාතාලා නායක කුඩු අංජුගේ ගෝලයෙක්ද වන බව පොලීසිය ප්‍රකාශ කළේය.

මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට මැයි 28 වන දා රාත්‍රියේ පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් තිබිණි.

ඒ එහි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද සිටියදීයී.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'