Logo
2020 මැයි මස 29 වැනි සිකුරාදා

ඩඩ්ලි සිරිසේනගේ තවත් නවතම මන්දිරයක් ‌කොරෝනා සටනට





මා විසින් රුපියල් කෝටි 05 ක වියදමෙන් ඉදිකරන්නට යෙදුණු පොළොන්නරුව ලක්ෂ උයන වැඩිහිටි නිවාසය එළඹෙන වෙසක් මසක් මසදී විවෘත කර ජනතා අයිතියට පත් කරන්නට නියමිතව තිබුණද රටේ ඇතිවී ඇති හදිසි ව්‍යාකූල තත්වය හේතුකොටගෙන එය කඩිනමින් අංගසම්පූර්ණ කොට වැඩ නිමවා, කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ සහ හෙදියන් ඇතුලු කාර්‍යමණ්ඩළ වල නවාතැන් පහසුකම් සඳහා සත්භාවයෙන් යුතුව පරිත්‍යාග කරන්නට යෙදිණි.

මින් පෙර පැවසූ පරිදීම පොළොන්නරුව වැලිකන්ද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අවසන් කොරෝනා රෝගියා දක්වා මා විසින් රැකබලාගනු ලබන අතර, එම සමාජසත්කාරයේම තවත් දිගුවක් ලෙස මේ පරිත්‍යාගයද මා විසින් සිදු කළ බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

ඔබ සැමට තෙරුවන් සරණයි..!

ඩඩ්ලි සිරිසේන
#ConnectWithDudley #FutureSriLanka ❤🇱🇰

  •  





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'