Logo
2020 මැයි මස 27 වැනි බදාදා

දිවයිනේ සියලුම ඹෟෂධ අලෙවි සැල් අද සිට සෑම දිනකම විවෘතයි





ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා දිවයිනේ සියළුම ඹෟෂධ අලෙවි සැල් අද සිට සෑම දිනකම විවෘතව තබන ලෙස අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය දැනුම් දී තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමත් සමඟ ජනතාව විශාල වශයෙන් ඖෂධ අලෙවිසැල් වෙත පැමිණෙන අයුරු දැකගත හැකිවුණි.

රට තුළ පවත්නා වාතාවරණය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයිමට රජය ගෙනයන වැඩපිළිවෙළ යටතේ දිවයිනේ සියළුම ඹෟෂධ අලෙවි සැල් අද සිට සෑම දිනකම පෙ.ව 9.00 සිට ප.ව.5.00 දක්වා විවෘත කර තබන ලෙස අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය දැනුම් දී තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශ වල රජයේ ඔසුසැල් සහ පෞද්ගලික ඖෂධ අලෙවිසැල් ජනාතාවට අවශ්‍ය ඖෂධ මිළදී ගැනීම සඳහා විවෘත කර තිබුණි.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශ වල ඹෟෂධ අලෙවි සැල් රජය දැනුම්දුන් පරිදි විවෘත කර නොතිබීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්වුණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'