Logo
2020 මැයි මස 28 වැනි බ්‍රහස්පතින්දා

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 186ක් දක්වා ඉහළට





මෙරටින් හඳුනාගැනුණු කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් ගණන මීට සුළු වේලාවකට පෙර 186 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟයි.

අද උදෑසන වන විට කෙරෝනා වෛරස ආසාදිතයින් 185 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබුණි.

ඉන් පුද්ගලයින් 137 දෙනෙකු අයි.ඩී.එච්.වැලිකන්ද සහ මුල්ලේරියාව යන රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

කෙසේවෙතත් මේ වන විට වෛරස ආසාදිතයින් 42 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'