Logo
2020 ජුනි මස 5 වැනි සිකුරාදා

වෛද්‍යය කාර්යය මණ්ඩල භාවිතාකරන අපේ දැනුමකින් සාදා ගත් මේ ප්‍රතිකාරය ලංකාවේ රෝගීන්ට අකැපද?





 

විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක, වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම, මාතර මහරෝහලේ වෛද්‍ය මාලින් බටගොඩ හා ගම්පහ මහරෝහලේ පෝෂණවේදී වෛද්‍ය සූජීවා යන වෛද්‍යවරුන් තමන් මෙම දුම් හට්ටිය හා කැඳ භාවිතා කර ප්‍රතිපල අත් විඳි බව කියයි.

ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම පවසා සිටියේ දින කීපයකට පෙර තමන්ටද වෛරස් ලක්ෂණ පහල වූ බවත් එහිදී තමන් මෙම ඖෂධ ප්‍රතිකාර කිරීම තුළින් දින 3ක් ඇතුළත නිට්ටාවට සුවය ලැබූ බවත්ය.

දිවයිනේ වාර්තා වූ පළමු කොරෝනා රෝගියා එතරම් ඉක්මනින් සුවය ලැබූවේත් මෙම ඖෂධ භාවිතා කිරීමෙන් බව මෙහිදී විශේෂඥ වෛද්‍ය කුමුදු දහානායක පවසා සිටියේය. මේ වනවිට අයි ඩී එච් රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම රෝහල් කාර්ය මණ්ඩලය මෙම ඖෂධ පරිහරනය කරන බවත් ඔවුන් බියකින් සැකයකින් තොරව සිටින්නේ ඒ නිසා බව තමන්ට පෞද්ගලිකව කී බවත් විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී තවදුරටත් පැවැසීය.

මේ වන විටත් දකුණු කොරියානු රජය කොරෝනා ආසාදිතයින්ට මෙම දේශීය ඖෂධය සුදුසු බව නිගමනය කර ඇති අතර ඉදිරියේදී දකුණු කොරියාවත් සමග මේ පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ පැවැත් වීමට බලා පොරොත්තු වන බවත් මෙම ඖෂධයට දකුණු කොරියාවෙන් බෙහෝ ඇනවුම් ඇති බවත් හෙතෙම කීය.

කොරෝනා වෛරසය හමුවේ බටහිර වෛද්‍ය විද්‍යාව මුලුමනින්ම පරාජය වී තිබෙන මෙම අවස්තාවේදී දේශීය හෙළ වෛද්‍ය ක්‍රමයක් මුලුමනින්ම කොරෝනා මැඩලීමට සමත් කම් දක්වා තිබියදී විද්‍යාත්මක අත්හදා බැලීම් කරමින් කාලය කා නොදමා වහ වහා මෙම ප්‍රතිකාරය මෙරට සියලු ආසාධිතයින්ට නියම කර ඔවුන්ගේ දිවි රැකගැනීමට උත්සුක වෙන ලෙස මෙම වෛද්‍යවරු මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'