Logo
2020 ජුනි මස 2 වැනි අඟහරුවාදා

තේ වෙන්දේසිය ඔන්ලයින් කරන්න හර්ෂ වසර 20කට පෙර සිදුකල යෝජනාව කොරෝනාව නිසි ක්‍රියාත්මක වූ හැටි





කොරෝනා වෛසරයෙන් කොළඹ තේ වෙන්දේසිය ඔන්ලයින් වුණේ මෙහෙමයි! [For those who saw this yesterday, it’s the same story in Sinhala]

වසර 137 ක් පමණ ඉපැරණි කොළඹ තේ වෙන්දේසිය ඉතිහාසයේ පළමු වරට ඊයේ (04) ඔන්ලයින් ආකාරයෙන් තේ වෙන්දේසිය පැවැත්වූවා.

මීට වසර 18 කට පෙර වර්තමානයේ දේශපාලනඥයෙකු වන හර්ෂ ද සිල්වා මේ යෝජනාව කර ක්‍රියාත්මක කළා කිව්වොත් සමහරුන් පිළිගනීද ? නමුත්, සත්‍යය එයයි. කොළඹ තේ වෙන්දේසිය ඔන්ලයින් ක්‍රමයට පැවැත්විය හැකියැයි මා මීට වසර 20 කට කලින් විශ්වාස කළා. පසුව ඒ වෙනුවෙන් වැඩකළා. මේ ඒ කතාවයි.

2002 වසරේ පෙබරවාරි 14 වනදා කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය (CTTA) කොළඹ තේ වෙන්දේසිය ස්වයංක්‍රීයගත කිරීමට මා සමග ගිවිසුමක් අත්සන් කළා. කොරෝනා වෛසරයෙන් ලොවම පීඩාවට පත්වී සිටින මේ මොහොතේ කොළඹ තේ වෙන්දේසියේ වසර 137 ක ඉතිහාසය තුළ පළමු වරට ඔන්ලයින් ආකාරයෙන් තේ වෙන්දේසිය සිදුකිරීමට හැකියාව ලැබුණේ එදා අපි අතර අත්සන් කළ මෙම අවබෝධතා ගිවිසුමේ ප්‍රතිඵල නිසයි.

මීට වසර 20 කට පෙර OMS සමාගමේ මාහට අයත්ව තිබූ කොටස් Nielsen සමාගමට විකුණා දැමීමෙන් පසුව දේශීය සහ විදේශීය උපදේශකයෙකු ලෙස මා වැඩකළා. ලෝකයේ විශාලතම තේ වෙන්දේසිය වන කොළඹ තේ වෙන්දේසිය පිළිබඳව මෙකල මාගේ අවධානය යොමුවූ අතර තොරතුරු තාක්ෂණය යොදාගෙන මෙහි කාර්යක්ෂමතාවය වර්ධනය කළ හැකියැයි මා වටහා ගත්තා. මෙම කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම මගින් මෙරට පවතින ආර්ථික ගැටලුවක් සඳහා කැපී පෙනෙන විසඳුමක් ලබාදිය හැකියැයි මා එකළ විශ්වාස කළා. කොළඹ තේ වෙන්දේසියට තාක්ෂණය හඳුන්වාදීම කෙරෙහි මාගේ අවධානය යොමුවූයේ මේ ආකාරයෙනුයි.

ඉතාමත් සාම්ප්‍රදායික ආකාරයෙන් ක්‍රියාත්මක වූ කොළඹ තේ වෙන්දේසිය අන්තර්ජාලය ඔස්සේ සිදුකළ හැකි නම් තේ අලෙවි කරන්නන්ට සහ තේ මිලදී ගන්නන්ට ලබනවාට වඩා වාසි ලබාගත හැකියැයි මා මෙම වෙන්දේසිය නිරීක්ෂණය කිරීමෙන් පසුව වටහා ගත්තා. මෙම යෝජනාව පිළිබඳව එදා විවිධ වූ මතවාද ඇතිවූ ආකාරය අදටත් මට හොඳට මතකයි.

මා විසින් කළ යෝජනාවේ ආකෘතියක් නිර්මාණය කිරීම සඳහා Affno සමාගමේ සුරේන් කන්නංගර මහතා සහ වර්තමානයේ McKinsey සමාගමේ පාර්ශවකරුවෙකු ලෙස වැඩකරන ගනක හේරත් මහතා සහ තවත් පිරිසක් මා සමග මාස කිහිපයක් ගතකළා. එකළ තේ වෙන්දේසියේ ප්‍රධානියා ලෙස වැඩකළ ඩිකී ජූරියන්ස් මහතා මාගේ යෝජනාව මුල් වරට දුටුවිට ඒ පිළිබඳව එතරම් විශ්වාස නොකළ නමුත් අවස්ථා කිහිපයක් ඒ පිළිබඳව අවධාරණය කිරීමෙන් පසුව තේ වෙන්දේසිය අන්තර්ජාලය ඔස්සේ පැවැත්විය හැකියැයි ඔහු විශ්වාස කළා.

ඉන්පසුව, කොළඹ තේ වෙන්දේසිය ස්වයංක්‍රීයගත කිරීම සඳහා විසඳුම් සම්පාදකයෙකු සොයා ගැනීම සඳහා කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය දැන්වීමක් පළකළ අතර ලෝකය පුරා සමාගම් වලින් මේ සඳහා ලංසු 30 ක් පැමිණ තිබුණා. මෙයින් සමාගම් 16 ක් මුල් වටයේදී තෝරාගත් අතර මේ තුළ Anderson Consulting, IBM, MIT, Infomatics, BC Computers සහ John Keells වැනි සමාගම් තිබුණා. නමුත්, පැවැත්වුණු ඇගයීමේ වට ගණනාවකින් පසුව මෙම අවස්ථාව හිමිවූයේ අප විසින් ආරම්භ කර තිබූ e-business labs සමාගමටයි. මේ ආකාරයෙනුයි අප කොළඹ තේ වෙන්දේසිය මීට වසර 18 කට පෙර ස්වයංක්‍රීයගත කිරීම ආරම්භ කළේ.

කොළඹ තේ වෙන්දේසිය කොරෝනා අර්බුදය නිසා ඉතිහාසයේ පළමු වරට පසුගියදා ඔන්ලයින් ක්‍රමයට පැවැත්වූවා යැයි අනාවරණය වීමත් සමග එදා කොළඹ තේ වෙන්දේසිය ස්වයංක්‍රීයගත කිරීමට මා එවකට කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ ප්‍රධානී මහේන් දයානන්ද මහතා සමග අත්සන් කළ ගිවිසුම මාගේ පෞද්ගලික ලිපි ගොනුවල තිබී සොයා ගත්තා.

කෙසේවෙතත්, අප විසින් අත්සන් කළ ගිවිසුම එකළ මේ වෙනුවෙන් එල්ල වූ දැඩි විරෝධතාවය හමුවේ ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. වසර ගණනාවක් පුරා එය ක්‍රියාත්මක කිරීමට උත්සාහයන් කිහිපක්ම ගත් නමුත් ඒවා සාර්ථක නොවුණි.

ේකෙසේවෙතත්, මා වසර 18 කට පෙර කළ යෝජනාව CICRA නැමති සමාගම විසින් අවසානයේ ක්‍රියාත්මක කළා. ඒ අනුවයි, මෙරට තේ වෙළෙඳපොළ මේ ආකාරයෙන් ඔන්ලයින් වෙළෙඳපොළක් බවට පත්වූයේ. මා ඔවුන්ට සුබ පතනවා.

ඇත්තටම මෙවැනි කාර්යක් ආරම්භ කිරීමට ලැබීම ගැන මා සතුටු වෙනවා.-ආචාර්ය හර්ෂද සිල්වා

Image may contain: 2 people, people sitting, screen, office and indoor

Image may contain: one or more people, people sitting and indoor

No photo description available.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'