Logo
2020 මැයි මස 26 වැනි අඟහරුවාදා

ගෝඨාගේ සංචාරයෙන් සිරකරුවන් 2961ක් නිදහස්වූ හැටි





2020.02.10 දින මාගේ විසිත්ත කිරීමෙන් පසු පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත මුදා හැරිණි. මාර්තු මස 17 වනදා සිට අද (04) දක්වා කාලසීමාවේදී මේ පිරිස නිදහස් කර ඇත.
මා බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කළ අවස්ථාවේ දී රැඳවියන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට මෙම කමිටුව පත් කෙරිණ.
මාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුව රැඳවියන්ට සහන සැලසීමේ නිරීක්ෂණ ජනාධිපති ලේකම්තුමා වෙත ඉදිරිපත් කෙරිණ.
දඩ ගෙවා ගැනීමට නොහැකි, ඇප ලබාදී තිබුණ ද ඇප කොන්දේසි සම්පූර්ණ කරගත නොහැකි, ඉතා සුළු වැරදි වලට සිරගතවූවන් හා දඬුවම් කාලයෙන් වැඩි කොටසක් අවසන් කර ඇති, ඉතා බරපතළ සෞඛ්‍ය හේතූන්ගෙන් පීඩා විඳින දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටින්නන් සහ ඇප ලබාදීමක් හෝ චෝදනා ගොනුකර නඩු විභාගයක් සිදුකර නැති සිරකරුවන් පිළිබඳව මෙහිදී සැලකිල්ලට ගත් බව නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පැවසීය.
බන්ධනාගාරවල සිරකරු ධාරිතාව දස දහසකි. එහෙත් විසිහයදහසට අධික සිරකරු පිරිසක් සිටිති. රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයද මෙහිදී සැලකිල්ලට ගත් අතර මුදාහල පිරිස අධිකරණය ලබාදී ඇති සහනය කඩ නොකර, පනවා ඇති කොන්දේසි ඉටුකරමින් යහපත් අන්දමින් සමාජයේ හැසිරිය යුතු බවට අවධාරණය කරමි.-ගෝඨාභය රාජපක්ෂ





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'