Logo
2020 මැයි මස 28 වැනි බ්‍රහස්පතින්දා

නිරෝධායනය අවසන් කළ 303ක් නිවෙස්වලට





විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාවලදී නිරෝධායන අවසන් කළ පුද්ගලයින් 303 දෙනෙකු අද (04) දින පිටව ගිය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර ඇඳිරි නීතිය පැනවීමත් සමග මහල් නිවාසවලට සීමා වී සිටින පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින් ආරක්ෂක අංශ සංගීත වැඩසටහන් සංවිධානකර තිබුණි.

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය සඳහා යොමුකර සිටි තවත් 303 දෙනෙකු අද නිරෝධායන කටයුතු අවසන්කර නිවෙස් බලා පිටව ගියේය.

ඊට මින්නේරිය කටුකැලියාව පාබල යුද හමුදා කඳවුරු මූලස්ථාන නිරෝධායන වූ 108 දෙනෙකු ඇතුළත්.

දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණි පිරිසක්, ඉන්දියාවේ  විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා පැමිණි සිසුන් මෙන්ම
ඉන්දියාවේ සංචාරය කර මෙරටට පැමිණි පුද්ගලයින් පිරිසක් ඒ අතර වෙයි.

ඔවුන් මහනුවර, කොළඹ, දඹුල්ල, කුරුණෑගල, යාපනය සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර ඉරණමුඩු හි පිහිටුවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි මගීන් 172 දෙනෙකුද අද නිවෙස් බලා පිටව ගියේය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'