Logo
2020 මැයි මස 29 වැනි සිකුරාදා

අනදිමත් යහගුණ පිරි දේශීය අල වවමු-රතන හිමි





දේශීය අල මෙරට ආහාර සංස්කෘතියේ අභිමානය සංකේතවත් කරනවන්නකි. විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දීමෙන් පසු දේශීය ආහාරවලින් ඈත් වූ ලක්‌වැසියා ක්‍ෂණික සහ බටහිර ආහාර පරිභෝජනයට වේගයෙන් හුරුවිය. දේශිය ආහාර වේලෙන් මිදී පරගැති චින්තනය කරපින්නාගත් දේශපාලකයන් පිළිකා රෝහල් වැඩි වැඩියෙන් හදන්නට සිතුවා මිස ( වස නොකවා ) ජාතිය නිරෝගීමත් කරවීමට නොසිතීය.

දේශීය අල ප්‍රභේද වගා කිරීම වාසි රැසක්‌ ගෙන දෙයි. අල යනු ඕනෑ ම කුඩා හෝ බිම් කඩක වගා කළ හැකි බෝගයක්‌ වීම සහ ජලය ගැටළුකාරී නොවීමයි. එමෙන්ම කිසිදු පොහොරක් අත්‍යඅවශ්‍ය නොවේ. අවම ශ්‍රමයකින් වැඩි පලදාවක්‌ ලබාගත හැකි වීම සහ රෝග හා කෘමි උවදුරුවල බලපෑම් ද අවමය.

අලවල ඇති පෝෂණීය ගුණය මෙරට ජාතියට පහදා දිය යුතු නොවේ. නමින් කුමන අල වර්ගයකම වුව ද ලවන වර්ග හා විටමින් ඇතුළු ක්ෂුද්‍ර පෝෂක බොහොමයක් අඩංගුය. කෙඳි සහිත හෙයින් ආහාර ජීර්ණ පද්ධතියට හිතකර ය. හෘද රෝග ආදී ජාතියේ නිරෝගී බව උදුරාගත් විවිධ රෝගයනට හේතු වූ මේදය හෙවත් කොලස්ටරෝල් අඩු කරවයි.

අප රටේ පරිභෝජනයට සුදුසු අල වර්ග සියකට ආසන්නව තිබූ බව දක්නට ලැබේ. මෙකි අල වර්ග විවිධත්වය අපගේ ආහාර සුරක්ෂිත භාවයේ වැදගත් ලක්ෂණයක් විය. ප‍්‍රධාන ආහාර වේල සඳහා විකල්පයක් වශයෙන් වූව ද ගත හැකි වූ මෙම අල වර්ග අප රටේ කිසිවෙකුත් බඩගින්නේ සිටීමේ අවධානමක් ගෙන නොදීය.

කිරි කවඩි (මඤ්ඤොක්කා)
බතල
කිරි අල
කටුවල
උඩල
රවුලල
රත්න අල
බුත්සරණ
හුලන් කීරීය
ගුරුලඅල(රැල් බුරුල්ලා )
නාට්ටල
ඉබුල්
ඔවිට් අල
ගෝනල
කොහිල අල
මවුඅල
කදල
කහට අල
හොඬල
කුකුලල
ගිරිතල
ගහල
පිට්ටු අල
පාත්තරා අල
යකුඅල
හිරිතල
අගිලිඅල
කටු කුකුලල
කහ අල
ජාවා අල
කිඩාරන්
ලෙනදන්දීල
කිරිහබල
කොකස් අල
කිරිබදු අල
ගෝන අල
කහට අගල
රටල
කහට අල
දේශාල
ඉනි අල
කිරි හිගුරල
රුවල් අල
හුල් අල
ජබුරල
යෝගල
තිරංගල
ආරුන්න
වැල් අල
කිරිවැල් අල
කම්බු කොඩොල්
රතු කොඩොල්
සීරුවල්ලි
සීනි අල
සේවල් අල
දෙහි අල
උයල
කදල
කිරි පබ්බල
අතු අල
කණ්ඩල
අඩදම්
කාබේරි අල
කිරි මගල
සවිකෙන්දු අල
වැලි අල
ගොරොක් අල
ගොම අල
කළු අල
ගොටු අල
හාරමස් අල
දන්දීල අල
සුදු අල
කොළ කන අල
අරලොක් අල
හුලන් කිරිල්ල

වගකීම් හෝ ක්‍රියා ප්‍රකාශයට පත් කිරීම නොව ක්‍රියාවෙන් නංවන්න. අනතුර පෙර හදුනා සූදනම් විය හැකි අයෙකු වන්න. අමනෝඥ දේශපාලකයන්ගේ විකාර දෙඩවිලි මතින් නොව, අප කැඳවූ මගෙහි නුවණැසින් එන්න.

වසවිසෙන් තොර ආහාර වේලක් සදහා ජනතාව වෙත ඇති අයිතිය තහවුරු කිරීමට ඔබත් හඩ නගන්න. වකුගඩු රෝග, හදවත් රෝග පිළිකා රෝග නැති නිරෝගීමත් ජාතියකට මග සලසමු!

අප මගෙහි ආ - පසුගිය වසර කිහිපයේ දී ටිකරි කොටුව හෙවත් කාබනික ගෙවත්ත සකසාගත් ජනතාව මෙන් ඒ මගෙහි එන්න. - කාබනික ගෙවතු ලක්ෂ 10ක් තැනීමේ ජාතික මෙහෙවරට බැදෙන්න.

(අපගේ කැඳවුම ඔබ දුටුවේ දේශපාලන ඇසිනි - අපහට වූයේ අරමුණු දිනාගැනීමට වූ දේශපාලන භාවිතයන් පමණකි. අවසන සියළු දේශපාලකයන් විසින් අපගේ අරමුණු ඉවතහැර අපත් - ඔබත් රෑවටීමට ලක් කර ඇත. ඔබට සහ අපට තවත් ඔවුන් වෙනුවෙන් බලා සිටීමට ඇවැසි නැත. අපි අපිම නැගෙමු!)

පූජ්‍ය අතුරලියේ රතන ස්ථවිර





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'