Logo
2020 මැයි මස 29 වැනි සිකුරාදා

ගතවු පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වී නෑ





අද(03) සවස 5.30දක්වා ගතවු පැය 24 ක කාලය තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ අතර, ඊයේ(02) රාත්‍රීයේ කොරෝනා ආසාදිත සිව්වන මරණය වාර්තා විය.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 58 ක් වු පිරිමි පුද්ගලයෙක් වෙයි.

ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මෙම පුද්ගලයා මියගොස් තිබේ.

ඊයේ සවස කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 126 ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 21ක් වේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'