Logo
2020 සැප්තැම්බර් මස 26 වැනි සෙනසුරාදා

ජැක් මා ගෙන් ලංකාවට මුඛ ආවරණ ලක්ෂයක්





ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන ලෝ සුපතල අලි බාබා සමාගමේ නිර්මාතෘ ජැක් මා විසින් පරිත්‍යාග කෙරුණු මුඛ ආවරණ තොගය අද ශ්‍රී ලංකාවට හිමි විය.

පරිත්‍යාග කෙරුණු මුඛ ආවරණ සංඛ්‍යාව ලක්ෂයක්.

මේ අතර කොරෝනා තර්ජනය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට තවත් මූල්‍ය හා ද්‍රව්‍යමය සහන රැසක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවට පත් ජනතාවට, රුපියල් 5000ක මුදලක් එකවර ලැබෙන දීමනාවක් ලෙස ලබා දෙන්නැයි ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට උපදෙස් දී තිබේ.

එලෙස ලබා දෙන නව සහන පිළිබඳ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊයේ චක්‍රලේඛයක් නිකුත් කෙරුණි.

ඒ අනුව, වැඩිහිටි දීමනා ලාභීන් සහ වැඩිහිටියන් ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනගතව සිටින්නන් සඳහා,රුපියල් 5000ක මුදලක් ගෙවනු ලබයි.

ආබාධිත දීමනාලාභීන් සහ ආබාධිතයින් ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනයේ සිටින්නන් සඳහාද රුපියල් 5000 දීමනාව හිමි වනවා.

ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි ගොවීන්, වකුගඩු රෝගී දිමනා ලාභීන් සහ පොරොත්තු ලේඛනයේ සිටින්නන් සඳහාද රුපියල් 5,000/- දීමනාවක් ලබාදීමටයි තීරණය කර ඇත.

සමෘද්ධි හිමිකම්ලාභීන් සහ පොරොත්තු ලේඛනගත පවුල් සඳහා රුපියල් 5,000/- දීමනාව සමෘද්ධි බැංකුව හෝ සමෘද්ධි අධිකාරිය මඟින් ලබාදීමට නියමිතයි.

රජයේ සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ඉදිරියේදි ගෙවීමට නියමිත අතර වැටුප මත ණය මුදල් අය කිරීම  යළි දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එසේම විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට විශ්‍රාම වැටුපද ඉදිරියේදි ගෙවීමට නියමිතයි.

ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ යන ස්වයං රැකියාවල නියුක්තිකයන් සඳහාද, මෝටර් රථ භාවිතයෙන් ස්වයං රැකියාවල නිරතවන්නන් සඳහා කල් බදු වාරික සහන හිමිව තිබෙනවා.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාර සඳහාද සහන සැලසීමටයි ඉන් තීරණය කර ඇත්තේ.

ගර්භනී මාතාවන් සහ මන්ද පෝෂිත දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත සෘජුවම සැපයීමට නියමිතයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'