Logo
2020 මැයි මස 29 වැනි සිකුරාදා

සජිත් නැවතත් කොරෝනාවෙන් නාගනී





කොරෝනා වෛරසය මර්දනය කිරීමට නම් වැඩි වැඩියෙන් ඒ සදහා වන පරීක්ෂා කළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කොරෝනා පරීක්ෂණය විනාඩි පහළොවක් ඇතුළත සිදු කිරීමට වන තාක්ෂණය ඇමරිකාව විසින් භාවිත කරන බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඇමරිකාවෙන් එම තාක්ෂණය ගෙන ඒම සඳහා වහාම ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව ද ඔහු කියා සිටී.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

නමුත් ඔහුගේ මෙම වීඩියෝවට සමාජ ජාල පරිශීලකයන් එල්ල වන්නේ දැඩි විවේචනයි.

 

ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන රට මෙන්ම දිනපතා විශාල මරණ ගණනක් හා නව පොරෝන ආසාදිතයන් වාර්තා කරමින් සිටී.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'