Logo
2020 මැයි මස 25 වැනි සඳුදා

මහනුවරින් කෝටි දෙකක් ජනපති අතටම





කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මල්වතු - අස්ගිරි මහා නා හිමිවරු දැනුවත් කළෙමි.

මෙම ගමනේදී COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දළදා මාළිගාවෙන් සහ මල්වතු - අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි 02 ක පරිත්‍යාගයක් ලබාදෙන ලදී.

මා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබාගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගිය ගමනේදී එහි දියවඩන නිලමේ,නිලංග දෑල මහතා විසින් මා පිළිගනු ලැබීය.

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් නිලංග දෑල මහතා විසින් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණ.
ඉන්පසු මා විසින් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ පැහැදිලි කළෙමි.
මහානායක හිමියෝ ද ඊට ආශිර්වාද පළ කරමින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කළහ.
මා මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් ද බැහැ දුටු අතර
අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන නා හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ ප්‍රමුඛ අස්ගිරි විහාරස්ථ මහා සංඝරත්නය ද රජය දියත් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කළෙමි.
කොරෝනා මර්දන අරමුදලට අස්ගිරි විහාරයෙන් පිරිනැමුණු රුපියල් ලක්ෂ 50ක පරිත්‍යාගයට සහ මල්වතු, අස්ගිරි විහාරස්ථානවලින් ලැබුණු ආශිර්වාදය වෙනුවෙන් මාගේ ගෞරවපූර්වක ස්තූතිය පුද කරමි.

-ගෝඨාභය රාජපක්ෂ





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'