Logo
2020 ජුනි මස 2 වැනි අඟහරුවාදා

ඖෂධ තැපෑලෙන් නිවසටම





ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය තීරණ කිහිපයක් ගෙන තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජනාධිපති කාර්යය සාධක බලකායේ රැස්වීමක් අද(28) පෙරවරුවේ පැවැත්වුණි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අංශවල නිලධාරීන් සහ යුධ හමුදාපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, තැපැල්පතිවරයා ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වි තිබේ.

ඒ අනුව රජයේ රෝහල්වල සායනිකව ලියාපදිංචි වී ඇති රෝගීන් සදහා අවශ්‍ය ඖෂධ බෙදාහැරීමට මධ්‍යම තැපැල් හුවමාරුව භාවිත කිරීම, පුද්ගලික ඔසුසැල් හරහා ඇණවුම් කළ ඖෂධ ගෙන්වාගැනීම, රාජ්‍ය ඔසුසල සහ තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් මගින් ඖෂධ ලබාදීම සදහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි ජනාධිපති කාර්යය සාධක බලකාය ප්‍රකාශ කළේය.

පිළිකා රෝගීන් වැනි විශේෂ ඖෂධ අවශ්‍ය රෝගීන්ට සායනික කටයුතු සහ ඖෂධ ලබාදීම පෙර පරිදිම සිදුකිරීමට එහිදි තීරණය කර තිබේ.

මේ අතර වට්ස් ඇප්, වයිබර්, ඊමෝ දුරකථන යෙදවුම් හරහා ඖෂධසැල්වලින් ඖෂධ ගෙන්වාගැනීමට ද අවස්ථාව ලබාදී තිබුණි.

මේ අතර පුද්ගලික ඖෂධසැල් වසා දැමීමටත් රාජ්‍ය ඔසුසැල් පමණක් විවෘතව තැබීමටත් රජය ඊයේ නියෝග කර තිබු අතර අද විශාල පිරිසක් රාජ්‍ය ඔසුසැල් වෙත පැමිණ තිබු බව වාර්තා වුණි.

එහෙත් එම ඔසුසැල් වසා තැබීම හේතුවෙන් ජනතාව මහත් දුෂ්කරතාවට පත්ව සිටියේය.
 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'