Logo
2020 මැයි මස 31 වැනි ඉරිදා

ඉන්දියාවේ නීති දැඩිවෙයි-කඩකරන්නන්ට වෙඩි





කොරෝනා වෛරසය පාලනය සඳහා පනවා ඇති රට වසා දැමීමේ තත්වයට අදාල නියෝග නොතකන අයට වෙඩි තබන තබන ලෙසට ඉන්දීය රජය විසින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට වසා දැමීමේ නියෝග නොතකා ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳපොලට පැමිණීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇති බව එම වාර්තාවල දැක්වෙයි.

ඉකුත් 24 වනදා සිට ඉන්දියාව දින 21 ක කාලයක් සඳහා වසා දමන බවට එරට අගමැතිවරයා ප්‍රකාශයට පත් කළේය.

මේ අතර ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය වූ 70ක් ඊයේ දිනයේ වාර්තා විය. ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදත ප‍්‍රමාණය 753ක් සහ මරණ 20ක් වාර්තා වෙයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'