Logo
2020 මාර්තු මස 30 වැනි සඳුදා
Loading...

වී මිළ පාලනයට තාක්ෂණික දක්ත මත ප්‍රවේශයක්-හර්ෂ



ලංකාවේ වගා කරන වී ප්‍රමාණය, ඒවා වගා කරන ස්ථාන, රට තුළ වී තොග තිබෙන ප්‍රමාණය වැනි ඉතාමත් වැදගත් දත්ත අවශ්‍ය ප්‍රමාණයට අප රට සතුව නෑ. මේ නිසා, වෙළඳපොළ අයථා විදිහට ජාවාරම්කාරයින්ට හසුරුවන්න පුළුවන්. මා රජයේ සිටි කාලයේදී මෙම දත්ත රැස්කර ගැනීම සඳහා ප්‍රවේශයක් තැබීමේ වැදගත්කම පිළිබඳව මොරටුව විශ්ව විද්‍යාලයට අවධාරණය කළා. සාක්ෂි පදනම් කරගත් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට දත්ත රැස්කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.

මේ අනුව, Big Data and Machine Learning භාවිතා කරමින් වී අස්වැන්න පුරෝකතනය කිරීමේ ලංකාවේ පළමු MSc උපාධි නිබන්ධනය මොරටුව විශ්ව විද්‍යාලයේ දිමුතු ලක්මාල් මහතා විසින් නිමකර තිබෙනවා. ඔහු විසින් එම නිබන්ධනය ඊයේ (25) ඉදිරිපත් කළ අතර එය ඇගයීමේ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මා සහභාගී වුණා.

මෙම නිබන්ධනය සකස් කිරීමට දිමුතු ලක්මාල් මහතා දත්ත රැස්කර ගත්තේ චන්ද්‍රිකා තාක්ෂණය මාර්ගයෙන්. මෙවැනි තාක්ෂණ ක්‍රම මගින් වී වගාවට රෝග බෝවෙන ආකාරය, පොහොර සහ ජලය සැපයීම කළ යුතු ආකාරය පවා දැනගන්න පුළුවන්.

රට ඉදිරියට රැගෙන යාම සඳහා අපේ කෘෂි කර්මාන්තයට මෙවැනි නවීන තාක්ෂණය හඳුන්වා දිය යුතුයි.

ඡායාරූපයේ මා සමග සිටින්නේ මේ අවස්ථාවට සහභාගී වූ විශාඛා නානායක්කාර මහත්මිය, දිමුතු ලක්මාල් මහතා, ආචාර්ය ෂෙහාන් පෙරේරා මහතා සහ ආචාර්ය උතයසන්කර් මහතායි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'