Logo
2020 මාර්තු මස 30 වැනි සඳුදා
Loading...

ලිංගික අපයෝජන චෝදනාවකට වරදකරු වු චිත්‍රපට නිෂ්පාදකයා



හොලිවුඩ් හි ප්‍රමුඛ පෙලේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන හාවි වයින්ස්ටීන් ස්ත්‍රි දුෂණ සහ ලිංගික අපයෝජන චෝදනා වලට වරදකරු බවට නිව්යෝර්ක් හි අධිකරණයක් විසින් තීන්දු කර තිබේ. 

ඒ අනුව 67 හැවිරිදි හාවි වයින්ස්ටීන් හට වසර 25ක සිරදඩුවමක් නියම වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

1990 වසරේ සිට දශක කිහිපයක් පුරා හොලිවුඩ් රංගන ශීල්පිනියන් ඇතුළු විශාල පිරිසක් ලිංගක අපයෝජනයට හා දුෂණයට ලක් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර කාන්තාවන් 80ක පමණ පිරිසක් ඒ පිළීබඳ පැමිණිලි ඉදිරිපත් කරතිබුණි. 

එලෙස කාන්තාවන් දෙදෙනෙකු විසින් ගොණුකරන ලද නඩුවක තීන්දුව නිව්යෝර්ක් අධිකරණය විසින් ලබාදී ඇති බව වාර්තා වේ.

මේ අතර නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරිමත් සමඟ හෘදයාබාධයකට ලක්වූ හාවි වයින්ස්ටීන් බන්ධනාගාර නිළධාරින් විසින් රෝහල්ගත කිරිමට පියවර ගෙන ඇති බව විදෙස්මාධ්‍ය වාර්තා කළේය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'