Logo
2020 අප්‍රේල් මස 4 වැනි සෙනසුරාදා
Loading...

පරීක්ෂණ මට්ටමේ ඖෂධ රැසක් ලාංකීය ලෙඩ්ඩුන්ට දීමේ ජාවාරමක්



පරීක්ෂණ සඳහා සතුන්ට ලබාදෙන ඖෂධ , ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට අයත් ආයතනයක් මගින් මෙරටට ගෙන්වා බෙදා හැර ඇති බවට 'සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ' සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද (25) චෝදනා කළේය.

ඒ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

ස්වාමීන්වහන්සේ මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අනාවරණ කළේ ඉකුත් රජය සමයේ පත්ව මේ වන විටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන මහාචාර්ය අසිත ද සිල්වා විසින් මෙම ඖෂධ මෙරටට ගෙන්වන බවයි.

ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතද උල්ලංඝණය කරමින්.

එමෙන්ම පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මෙහිදි වැඩිදුරටත් කියා සිටියේ මොහුගේ සභාපති පත් විම අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝගයක් ලබා දි තිබියදීත් වෙනත් පත්විමක් හරහා නැවත මොහු එම ධූරයට පත් කිරිමට ඉකුත් රජය සමයේ විෂය භාර අමාත්‍යවරයාව සිටි රාජිත සේනාරත්න මහතා කටයුතු කළ බවයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර එහිදි ඔහු සඳහන් කළේ තමා සම්බන්ධයෙන් නගන සියලු චෝදනා පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'