Logo
2020 අප්‍රේල් මස 8 වැනි බදාදා
Loading...

චන්ද්‍රිකා 365ක් රාජ්‍ය ආයතන වික්කා-මහින්ද



විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් ලබාදෙන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩු , රාජ්‍ය ආයතන රැසක් පෞද්ගලීකරණය කළද තමා හැම විටම රාජ්‍ය ආයතන රැකගැනීම වෙනුවෙන් ක්‍රියාකළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රත්නපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට ඊයේ (22) එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණට වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැවති වැඩසටහනක් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදී පැවැත් විය.

මෙම අවස්ථාවට එහි නායක වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

මේ අතර කුරුණෑගල අහස් වෙහෙර චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම කුරුණෑගල මැල්සිරිපුරදී අද (23) සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'