Logo
2020 අප්‍රේල් මස 2 වැනි බ්‍රහස්පතින්දා
Loading...

ශ්‍රවේන්ද්‍ර පාවාදුන් ජුදාස් හමුදා මේජර්වරයෙක්



පසුගිය බ‍්‍රහස්පතින්දා සවස ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයෙක් – මෙරට පෙඩරල් පාලනයක් ඇතිකිරීමට සැලසුම් කළ හිටපු මන්ත‍්‍රීවරයෙක් සහ හිටපු කැරලිකරුවෙක් එක්ව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් සමඟ සාකච්ජාවක් පවත්වනු ලැබීය. එහෙත් මේ බව ජිනීවාහි ශ‍්‍රී ලංකා නියෝජිත කාර්යාලය හෝ විදේශ කටයුතු බලධාරීන් දැනසිටියේ නැත. මේ අංශ දෙකම තවදුරටත් මෙහෙයවන්නේ එදා සිටි යහපාලන නඩයයි.

මෙහිදී සාකච්ඡුාවට ලක්වූයේ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ජිනීවා යෝජනාවේ සියලූ කරුණු ඉටුනොකරන බවත් යුද අපරාධ චෝදනා ලත් හමුදා නිලධාරීන් ඉහළ තනතුරුවලට පත්කරන අතර ප‍්‍රතිත‍්‍රස්ත මර්දන පනත අහෝසි කර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතද විසිකර දමා ඇති අතර ද්‍රවිඩ ජනතාවට බලය බෙදාදීමට කි‍්‍රයා නොකරන බවයි.

මේ සාකච්ජාව පැවැත්වෙන අවස්ථාවේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ තීන්දුවක් ගෙන තිබුණි. ඒ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පවුලේ අයට ඇමරිකාවට පැමිණීම තහනම් කිරීමයි.

මේ තහනම් නියෝගය පසුබිමේ පාර්ශව කීපයක් වේ. හිටපු ඇමරිකානු තානාපති අතුල් කේශාප්, යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල්වරයෙක් සහ එක්සත්ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා, හිටපු ඇමරිකානු තානාපති බුටේනිස් එම තහනමට මුල්වූ අතීතය දැන් හෙළිවී ඇත.

2018 මාර්තු මස පැවැති ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යස්මින් සුකා පැමිණියේ ‘‘යුද හමුදාවේ ඝාතන කි‍්‍රයා’’ මැයෙන් යුත් පත‍්‍රිකාවක් රැුගෙනය. එදා මානව හිමිකම් කවුන්සිලය තුළ සිටි අපට මේ පත‍්‍රිකාව ලබාගැනීමට හැකි විය. මානව හිමිකම් වෙත යොමුකළ මේ පති‍්‍රකාවෙන් ඇය 58 වැනි සේනාංකය මෙහෙයවූ ශවේන්ද්‍ර සිල්වාට යුද අපරාධ චෝදනා එල්ල කර තිබුණි. ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කොටි හමුදා නායකයන්ට අතට අත දුන් බවත් පසුව ඔවුන් මරාදමා ඇති බවත් පැවැසූ යස්මින් සුකා සාක්‍ෂිකරුවන් දෙදෙනෙක් ඒ බව තහවුරු කළ බව කියා සිටියාය.

එහෙත් මේ සාක්‍ෂිකරුවන් කවුදැයි ඇය හෙළිකළේ නැත.

යස්මින් සුකාගේ මේ පති‍්‍රකාවේ තවදුරටත් දක්වා තිබුණේ 2014 දී හමුදාව රෝහල්වලට ප‍්‍රහාර එල්ල කළ බවයි. 2018 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සුකා ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඉදිරිපත් කළ යුද අපරාධ චෝදනා ගැන අපේ‍්‍රල් 16 දා අපි විශේෂයෙන් :ෑංජකමිසඩැ* අනාවරණය කළෙමු. එහෙත් මෙරට කිසිදු මාධ්‍යයක් ඒ බව අනාවරණය කළේ නැත.

මේ අතර මෙරට හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට හිටපු මේජර් ජනරාල්වරයකුද ඉදිරිපත් විය. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ සහායෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ගිය මේ ද්‍රෝහී නිලධාරීයා රාජ්‍ය දෙපාර්තමේන්තු බලධාරීන් හමුවේ පිටු 100 ක දිවුරුම් ප‍්‍රකාශයක් ලබාදීමට කි‍්‍රයාකළේය.

 

ඔහු මේ දිවුරුම් ප‍්‍රකාශයෙන් පැවසුවේ තමා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ සියලූ නියෝග කි‍්‍රයාත්මක කිරීම භාරව සිටි බවත් එම නියෝග තමා සටහන් කරගත් අතර එකී නියෝග වලින් ඝාතන සිදුකිරීමේ උපදෙස් ලැබුණ බවයි.

එහෙත් සත්‍යය නම් මේ නිලධාරියා හිටපු ආරක්‍ෂක ලේකම්ගේ නියෝග කි‍්‍රයාත්මක කිරීම භාරව සිටි නිලධාරියා නොවේ.

දකුණු පළාතේ ශ‍්‍රීලනිප හිටපු ඇමැතිවරයකුගේ මස්සිනා වූ මොහු හමුදාවෙන් විශ‍්‍රාම යෑමෙන් පසු රනිල් මෛත‍්‍රිපාල යහපාලන රජය ඔහුට ආසියානු රටක තානාපති ධුරයක් පිරිනමනු ලැබීය.

තම ද්‍රෝහී කි‍්‍රයාව හෙළිවීමත් සමඟම මොහු නමද වෙනස් කළේය. පසුව හමුදා නිලධාරින් විසින් මොහු හඳුන්වනු ලැබුවේ ජුදාස් යනුවෙනි. එසේ වුවත් වත්මන් රජය බලයට පත්වූවත් මොහු සිදුකළ ද්‍රෝහී කි‍්‍රයාව මත ඔහු අත්අඩංගුවට

ගැනීමක් හෝ විශ‍්‍රාම වැටුප් නතර කිරීමක් සිදුවූයේ නැත.

මෙයට සමගාමීව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත තවත් සාවi යුද අපරාධ චෝදනාවක් එල්ලවූයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ මැතිවරණ කටයුතුවලට සහය වූ හිටපු වාර්තාකරුවකුගෙනි.

රණදේව, ලලන්ත නානායක්කාර, බෝම්බඩියර් ගෝඨාභය, රුවන් ජයවර්ධන යන අන්වර්ථ නම්වලින් පෙනී සිටි පී. එෆ්. නමැති මේ වාර්තාකරු ජිනීවා මානව හිමිකම් නිලධාරීන් හමුවේ පැවසුවේ ගෝඨාභය රාජපක්‍ෂ 58 වැනි සේනාංකය භාරව සිටි ශවේන්ද්‍ර සිල්වා අමතා දෙවතාවක්ම පැවැසුවේ භාරවූ කොටි හමුදා නායකයන් ඝාතනය කරන ලෙසයි.

තමා යුද භූමියේ සිටියදී ගෝඨාභය රාජපක්‍ෂගේ මේ නියෝගය ශ‍්‍රවණය වූ බව එම හිටපු වාර්තාකරු තවදුරටත් පවසා ඇත.

එහෙත් මේ ප‍්‍රකාශය ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එකහෙළාම ප‍්‍රතික්‍ෂේප කළේය.

මේ හිටපු වාර්තාකරුවාගෙන් ප‍්‍රශ්න කළ මානව හිමිකම් නිලධාරීහු ගෝඨාභය රාජපක්‍ෂ විසින් ශවේන්ද්‍ර සිල්වා ඇමතුවේ ශබ්දවාහිනි යන්ත‍්‍රයකින්ද විමසුවේ නැත.

කෙසේ වෙතත් වාර්තාකරුගේ ප‍්‍රකාශය පිළිගත් මානව හිමිකම් කවුන්සිලය ඔහුට සහ පවුලේ අයට දේශපාලන රැුකවරණ ලබාදීමට නිර්දේශ කළේය.

එහි ප‍්‍රතිඵලයක් වූයේ වාර්තාකරුට සහ පවුලේ අයට මාස්පතා ඩෝලයක් හෙවත් පිංපඩියක්ද අනෙකුත් වරප‍්‍රසාදද හිමිවීමයි.

ස්විට්සර්ලන්තයේ සැන්ට්ගාලන් ප‍්‍රාන්තයේ අබිරහස් ලෙස පදිංචිවී සිටින මොහුව කීපවතාවක්ම එරට සිටින දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකිකයන්ට දැනගැනීමට හැකිවිය.

මෙයට සමාගමීව යස්්මින් සුකා නමැත්තිය ප‍්‍රනාන්දු නැමැති සාක්කිකරුවකුද මානව හිමිකම් කවුන්සිලය වෙත යොමුකරමින් සඳහන් කළේ එම සාක්කිකරුවා 58 වැනි සේනාංකයේ සිටි බවත් හමුදාව ඝාතන සිදුකරන අයුරු දුටු බවත්ය.

එහෙත් එවැනි අයෙක් 58 වැනි සේනාංකයේ නොසිටි බව ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

 

එවන් පසුබිමක් මැද යස්මින් සුකා 2019 ජනවාරි 29 දා ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පිටු 137 ක පරීක්‍ෂණ වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළාය. මේ සාවi වාර්තාවට අදාළ තොරතුරුද අපි විශේෂයෙන් අනාවරණය කළෙමු.

එහිදී ඇය පැවසුවේ මගේ කණ්ඩායම විසින් වසර ගණනාවක් තිස්සේ මහත් සුපරීක්‍ෂාවෙන් එකතුකරගත් සාක්‍ෂි සම්භාරයක් එම වාර්තාවට ඇතුළත් වන බවයි.

එම තොරතුරු මෙසේයි.

  • වන විනාශයකින් තොරව සිවිල් ජනතාවට එරෙහිව හිතා මතා ප‍්‍රහාර එල්ල කිරීම.
  • රෝහල් සහ වෛi කාර්ය මණ්ඩලවලට ප‍්‍රහාර
  • යුද මුක්ත කලාපවලට ප‍්‍රහාර
  • තහනම් සහ වන විනාශ වලින් තොර ආයුධ භාවිත කිරීම
  • මුල්ලිවයික්කාල් – පුදුමාතලන් රෝහල්වලට ප‍්‍රහාර එල්ල කිරීම

මෙලෙස ශවේන්ද්‍ර සිල්වාගේ සේනාංකය රෝහල්වලට ප‍්‍රහාර එල්ල කළ බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් කළේ පුදුමාතලන් රෝහලේ වෛi වර්ධරාජාය. ඔහු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට කැඳවාගෙන ආවේ චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්රේ බව අපි දුටුවෙමු.

මේ හැර කොටි හිතවාදී මන්ත‍්‍රීවරයකු වූ චන්ද්‍රනේරුද ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ප‍්‍රකාශයක් කර ඇත. ඔහුට බි‍්‍රතාන්‍ය රජය දේශපාලන රැුකවරණ ලබාදී ඇත. මේ අතර 2015 සහ 2016 වසරවල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමඟ යහපාලන රජය එකඟ වූ 30/1 සහ 40/1 යෝජනා දෙකෙන් ඉවත්වීමට රජය තීරණය කර ඇත.

මෙම යෝජනා යහපාලන රජය පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන නොතිබූ බව අනාවරණය විය.

රජයේ මෙම තීන්දුව සමඟ කොටි ඩයස්පෝරාව සහ මානව හිමිකම් කවුන්සිලය දැඩි කැලඹීමකට පත්විය.

මෙලෙස ජිනීවා යෝජනාවෙන් ඉවත්වීමට තීරණය කිරීම එම යෝජනාව ගෙන ආ ඇමරිකාව බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල්වලට එල්ල කළ කම්මුල් පහරක් විය.

මේ පසුබිම මැද 43 වැනි මානව හිමිකම් සැසිවාරය හෙට (24 දා) ආරම්භ වේ. මෙම සැසි වාරයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට කොටි ඩයස්පෝරාව මානව කවුන්සලයෙන් ඉල්ලා ඇත

එසේම ඇමරිකානු රජය ශ‍්‍රී ලංකාවට අවි සම්බාධක පැනවීමට අදහස් කරන බවටත් වාර්තා විය.

ඒ අනුව බෙල් හෙලිකොප්ටර් යානාවලට මෙන්ම ඇමරිකාව මෙරටට පරිත්‍යාග කළ වෙරළාරක්‍ෂක යාත‍්‍රාවලට අමතර කොටස් ලබාගැනීමේ දුෂ්කරතා ඇතිවීමට ඉඩ තිබේ.

 

එහෙත් රජය ඇමරිකාවේ බෙල් ජෙට් රේන්ජර් හෙලිකොප්ටර් යානා 6 ක් මිලදී ගැනීමට තීරණය කර ඇත.

මේ අතර ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත්කිරීම නිසා ඇමරිකානු තානාපතිනි පෙල්ට්ස් දැඩි කෝපයට පත්වී තිබුණි. මේ පත්වීම ගැන ඇමරිකානු තානාපති කාර්යාලයට සම්බන්ධ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මෙහෙයවන පාක්‍යසෝති සවරිමුත්තු හෙවත් පී සරාද විරෝධය පෑවේය. ඉන්පසු මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ද එම පත්වීමට එරෙහි විය.

හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන සිදුකළ මෙම පත්වීම ගැන ඇමරිකානු තානාපතිනිය පමණක් නොව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ ඇලිස් වේල්ස්ද දැඩි විරෝධය පා තිබුණි.

එසේ වුවත් හිටපු ජනාධිපතිවරයා එම විරෝධය කෙරේ තැකීමක් කළේ නැත.

මෙසේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ තානාපති කාර්යාලය එක්ව ඒකපාක්‍ෂිකව ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට යුද අපරාධ චෝදනා එල්ල කර ඇතත් ඒ ගැන නඩු විභාගයක් පවත්වා නැත.

56 වැනි සේනාංකය භාරව කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වාට යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඇමරිකානු අධිකරණය හමුවේ මුල්ම නඩුව ගොනුකළේ නැගෙනහිර කොටි විශේෂ හමුදා නායකයාව සිටි රමේෂ්ගේ බිරිය වත්සලා දේවිය.

රමේෂ් බිහිසුණු අපරාධකරුවෙකි. දකුණු අපි‍්‍රකාවේ සිට වත්සලා දේවි නඩුව ගොනු කළත් එය අසාර්ථක විය.

ඉන්පසු කොටි ඩයස්පෝරාවේ කොන්ත‍්‍රාත්කරුවකු වූ කැලම් මැක්රේ නිව්යෝර්ක් නුවරදී විදේශිකයන් වෙනුවෙන් සම්මන්ත‍්‍රණයක් පවත්වමින් ශවේන්ද්‍ර සිල්වාට චෝදනා කළේය.

එම සම්මන්ත‍්‍රණය පැවැති ශාලාවට පැමිණි ශවේන්ද්‍ර සිල්වා චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්රේ බොරුකාරයකු බව රැුස්වී සිටි පිරිස හමුවේ තහවුරු කළේය.

කැලම් මැක්රේ 58 වැනි සේනාංකය ස්ථානගත කර තිබූ ස්ථානය ගැනවත් දන්නේ නැත. ගුවන් හමුදාව මිසයිල වලින් ආරක්‍ෂාවීමට යොදන ආලෝක ධාරා, බෝම්බ යැයි දක්වමින් ඔහු බොරු චෝදනා එල්ල කරනවා. මා සමඟ වන්නි මෙහෙයුම ගැන විවාදයකට එන ලෙස මැක්රේට අභියෝග කරනවා යැයි ශවේන්ද්‍ර සිල්වා පවසද්දී මැක්රේ නිහඬ විය.

මේ පසුබිම මැද ශ‍්‍රී ලංකාවේ හමුදාපතිවරයාට එරෙහි යුද අපරාධ චෝදනා නඟන ඇමරිකාව ලොව අංක එකේ යුද අපරාධකාරයකු බව අතීත සිදුවීම් තහවුරු කරයි.

ඇමරිකාවේ පැවැති සිවිල් යුද්ධයේදී විලියම් ෂර්මන් සහ රොබට් ලී විශාල ලෙස යුද අපරාධ සිදු කළේය.

ඇමරිකාවේ දකුණේ සිටි කැරලිකරුවන් මර්දනය කිරීමට නියෝග දුන්නේ ජනපති ඒබ‍්‍රහම් ලින්කන්ය. එසේ නම් ලින්කන් යුද අපරාධකරුවෙක් නොවන්නේද?

අයිසන්හවර් සෙනෙවියා යටතේ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ ප‍්‍රහාර එල්ල වී සිවිල් වැසියන් විශාල ලෙස ඝාතනය විය.

ඇමරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව සර්බියාවට බෝම්බ ප‍්‍රහාර එල්ල කළේය. වියට්නාමයට එරෙහිව බී – 52 බෝම්බ යානා ලවා එල්ල කළ ප‍්‍රහාර වලින් සිවිල් වැසියන් ඝාතනය විය.

ඉරාන යුද්ධයේදීද සිවිල් වැසියන් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් මරුමුවට පත්විය. ඇෆ්ගනිස්ථානයේදී ඇමරිකානු හමුදාව සිදුකළ යුද අපරාධ ගැන විමර්ශනය කිරීමට ජාත්‍යන්තර අධිකරණයේ ¥ත කණ්ඩායමට ඇමරිකාවට ඒම සඳහා වීසා බලපත් ලබාදීමද ප‍්‍රතික්‍ෂේප විය.

ඇමරිකානු ආරක්‍ෂක උපදේශක ජෝප් ඩෝල්ටන් පැවසුවේ ඇමරිකානු සෙබළුන්ට අත තැබීමට ජාත්‍යන්තර අධිකරණයට ඉඩ නොදෙන බවයි. මේ හැර ඇමරිකානු හමුදාව පාකිස්ථානයට ගොස් බින්ලාඩන්ද ඉරාකයට

ගොස් අයිසිස් නායක බැග්ඩෑඩිද ඝාතනය කළේය.

කොංගෝවේ නායක පැට්රිස් ලූමුම්බා මරාදැමුවේ ද ඇමරිකාවයි.

වසර ගණනකට පෙර මෙරට ඇමරිකානු තානාපති එවකට විදේශ ඇමැති ටිරෝන් ප‍්‍රනාන්දු සමඟ ගිවිසුමකට එළඹි අතර එහි සඳහන් වූයේ කිසිදු ඇමරිකානු සෙබළෙක්ව වෙනත් රටකට භාර නොදෙන බවයි.

මේ අතර ඇමරිකාව ශ‍්‍රී ලංකාවේ හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට ප‍්‍රධාන හේතුව ඇමරිකාවේ උපදෙස් නොතකා ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි හමුදා නායකයන් මරා දැමීමය.

 

ප‍්‍රභාකරන්ව බේරාගැනීමට ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් සහ නෝර්වේ තානාපති ටෝරේ ගාට්රස් දියත් කළ සැලසුම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ව්‍යාර්ථ කළේය.

එම කි‍්‍රයාදාමය ඇමරිකාවේ දැඩි කෝපයට හේතු විය.

මේ අතර හමුදාපතිවරයාට ඇමරිකාවට පැමිණීම තහනම් කිරීම ගැන ද්‍රවිඩ සන්ධානය සතුටට පත්විය.

එහෙත් ද්‍රවිඩ සන්ධානයද යුද අපරාධකරුවන් වේ. කොටි රූකඩය මෙන් කි‍්‍රයාකළේ ද්‍රවිඩ සන්ධානයයි. මේ පිළිබඳව කිසිදු රජයක් ද්‍රවිඩ සන්ධානයට එරෙහිව කි‍්‍රයාකළේ නැත.

මේ තත්ත්වය මැද එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයද මේ සතියේදී රැුස්විය. එහිදී ඇමරිකාවේ සිටින එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ෂෙනුකා සෙනවිරත්න ශ‍්‍රී ලංකා හමුදාව සටන් කළේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ත‍්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව බව කියා සිටියාය.

ෂෙනුකා සෙනවිරත්නට සමීප අසුනේ වාඩිවී සිටියේ කොටි ඩයස්පෝරාවේ ඒජන්තවරිය වූ යස්මින් සුකායි.

අපි සංහිඳියා කි‍්‍රයාමාර්ගය ගෙනයන්නේ අපේ පිළිවෙත මතයි. ෂෙනුකා කළ එම ප‍්‍රකාශයට යස්මින් සුකා ප‍්‍රතිචාර දැක්වූයේ නැත.

සුකා කිසිවිටෙක කොටි සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් යැයි හැඳින්වූයේ නැත. එසේම කොටි සිදුකළ අපරාධ ගැන ඇය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට කිසිදු වාර්තාවක් ඉදිරිපත් කිරීමට කි‍්‍රයා කළේ නැත.

පසුගිය වසරේ මාර්තු මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය නිමාවන දිනයේදී කොටි ඩයස්පෝරාව සුකා වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලය තුළ සාදයක්ද පවත්වනු ලැබීය.

මේ අතර තහවුරු නොවූ සාක්කි මත ඇමරිකානු රජය ශවේන්ද්‍ර සිල්වා නම්කිරීමද බරපතල ප‍්‍රශ්නයකි.

යස්මින් සුකා විසින් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව කි‍්‍රයාකර ඇත්තේ පැමිණිලිකාරිය සාක්කිකරු සහ විනිසුරුවරිය ලෙසිනි.

ඇගේ සාක්‍ෂිකරුවන් වෙනින් කවුරුත් නොව කොටි අළුගෝසුවන්ය.

මේ පසුබිම මැද එලිලන් නැමැති හිටපු කොටි හමුදා නායකයාගේ බිරිය වූ ආනන්දි සසිතරන් ද්‍රවිඩ කි‍්‍රයාකාරීන් යයි හඳුන්වා ගන්නා කණ්ඩායමක් සමඟ ජිනීවා යෑමට සූදානම් වේ.

ඇගේ අනුග‍්‍රාහකයා ප‍්‍රංශයේ සිටින කොටි ඩයස්පෝරා නායක මරියදාසන් බොස්කෝයි.

මේ අතර රජය ජිනීවා යෝජනාවෙන් වෙන්වුවත් එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ප‍්‍රතිචාර දක්වා නැත.

එම චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීමේ සාක්‍ෂිද තිබේ. මේ වනවිට කොටි ඩයස්පෝරාව ශවේන්ද්‍ර සිල්වාට පැනවූ තහනම ගැන දැඩි සතුට පළකර ඇත.

එහෙත් ජිනීවා යෝජනාවෙන් රජය ඉවත්වීම යනු හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව දේශීය යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීම අහෝසි වීමකි.

පසුගිය වසර දෙක තුළ මෙවන් යුද අපරාධ චෝදනා එල්ල වූ අවස්ථාවේ හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන එවැනි චෝදනා නැතැයි පුන පුනා කීවේය.

එසේ නම් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද එල්ලකර ඇත්තේ මොන චෝදනාද?

මේ අතර මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් 43 වැනි මානව හිමිකම් සැසිවාරය සඳහා තම වාර්තාවෙන් 30/1 ජිනීවා යෝජනා ඉටුකරන ලෙස රජයට කියා සිටියාය.

ත‍්‍රස්ත පණත සමාලෝචනය කිරීම ඇතුළු කරුණු ඉටුකළයුතු බව ඇය තම වාර්තාවේ තවදුරටත් දක්වා තිබුණි.

– divaina





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'