Logo
2020 අප්‍රේල් මස 4 වැනි සෙනසුරාදා
Loading...

මහින්දට පමණක් දෙවෙනිවූ විමල් මහින්දගෙන් පසු අගමැතිද..?



විමල් වීරවංශ යනු විරුද්ධවාදීන්ගෙන් කොපමණ ප්‍රහාරයට ලක් වූවත් කිසිවකින් තමන්ගේ යුතුකම අත නොහැරපු දේශපාලන චරිතයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ෙපාර්ලිමේන්තු දිවියට වසර 20ක් සපිරීම නිමිත්තෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘විසි වසක විරවංශය ’ උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

"මට මතකයි 2008ට කලින් විමල් නිසා ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් නොලබපු ජයග්‍රහණ ලබනකොටත් විමල්ටත් ජනතා විමුක්ති පෙරමුණටත් ගහපු හතුරෝ ගොඩක් හිටියා. 

2008 විමල් ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට බැස්සාම ඒ අය ප්‍රසිද්ධියේ කිරිබත් කෑවා. 

විමල්ගේ කරදරේ ඉවරයි කියලා හිතාගෙන එදා ඉඳලා ඒ අය ජනතා විමුක්ති පෙරමුණට ගහන එක නතර කළා. 

නමුත් විමල් බින්දුවේ ඉඳන් පටන් අරන් ආයෙම තමන්ට අයිති යුතුකමක් තියෙනවා කියලා හිතාගෙන ඒ යුතුකම වෙනුවෙන් සුපුරුදු ප්‍රහාරය පටන් ගත්තාම අර හතුරෝයි ජේ.වී.පී එකයි දෙගොල්ලොම එකතු වෙලා ආයෙම විමල්ට ගහන්න පටන් ගත්තා. 

ඒ ප්‍රහාරයටලක් වීමේ ශක්තිය විමල්ට නොඅඩුවම ලැබුණා. එක දිගටම ලැබුණා. 

ඒ විතරක් නෙමෙයි කොපමණ ගැහුවත් කොපමණ රිදුනත් අපමණ දුක්ගැහැට වින්දත් ඒ කිසිවකින් තමන්ගේ යුතුකම එක දශමයකින් වත් අත නොහැරපු දේශපාලන චරිතයකට අපේ කෘතගුණ දක්වන්න, ඒකට ඉන්න වඩාත් සුදුසු කෙනා මම කියලයි මට හිතෙන්නේ. 

මොකද විමල් එහෙම ප්‍රහාරයට ලක්වෙනකොට විමල් දෙවැනි වුණා නම් දෙවෙනි වුණේ මට විතරයි. 

මට ගහපු ගැහිල්ල විමල්ට ගහපුගැහිල්ල ඒ විස්තර සේරම තමුන්නාන්සේලා දන්වා. 

මහින්ද රාජපක්ෂව මැදමුලනේ ජනේලේ එල්ලුවා කියලා ශැම්පේන් බොන්න වාඩිවුණ උදවිය ෂැම්පේන් බෝතලේ කඩන්නත් කලින් ආයෙම මෙන්න මහින්ද රාජපක්ෂ ඉන්නවා නුගේගොඩ." 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'