Logo
2020 අප්‍රේල් මස 8 වැනි බදාදා
Loading...

දෙවනිදායින් පසු මූළ්‍ය බලය ජනපති අතට-මූළ්‍ය අර්බුදයක් නැහැ



රජය අතුරු සම්මත ගිණුමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළද රට තුළ මූල්‍ය අර්බුදයක් මතු නොවන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති අතුරු සම්මත ගිණුමට ගෙන ආ සංශෝධනය ඉවත් කිරීමට තීරණය කිරීමෙන් පසු අද පාර්ලිමේන්තුවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය. 

මේ අතර විපක්ෂයේ විරෝධතා හමුවේ ඉවත්කර ගන්නා ලද්දේ, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ ආරම්භකළ ව්‍යාපෘති සඳහා ගෙවීමට තිබූ මුදල් ඇතුලත් පරිපූරක ඇස්තමේන්තුවක් බව අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

“පොහොර සමාගම්වලට සල්ලි දෙන්නම් කිව්වා. පරාජය වුණාට පස්සෙ භාණ්ඩාගාරයේ සල්ලි නැහැ. සමහරු සියදිවි නසාගෙන BLACK LIST වෙලා ණයක් ගන්න බැහැ

වෙනත් පාර්ශ්වවලින් ගිනි පොලියට ණය අරන්. සියලු බිල්පත් නිරවුල් කරන්න. බි.367ක අතිරේක මුදලක් සම්මත කරගන්න අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් ගෙනාවෙ. ණය අරන් තමයි පියවන්න වෙන්නෙ

මූල්‍ය අර්බුදයක් ඇතිවෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවට පස්සෙ මූල්‍ය බලය තිබෙන්නේ ජනපතිට. මැතිවරණය ජයගන්න තෙක්. බිල් නිරවුල් කරන්න බැහැ“






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'