Logo
2020 අප්‍රේල් මස 2 වැනි බ්‍රහස්පතින්දා
Loading...

චමල්ට මරණ තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට



අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඝාතනය කරන බවට අමාත්‍යවරයාගේ දුරකථනයට කෙටි පණිවිඩයක් යොමුකළ පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද(20) මෙම පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙලෙස අමාත්‍යවරයාගේ ජංගම දුරකථනයට එවා ඇති කෙටි පණිවිඩයේ සටහන්ව ඇත්තේ අමාත්‍යවරයා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන බවයි.

මේ පිළිබඳව අද විශේෂ විමර්ශනයක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කර ඇති අතර එහිදී මෙම සැකකරු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා පුද්ගලික ආරක්ෂක ආයතනයක සේවය කරන පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

මීට පෙරද මෙම පුද්ගලයා විසින් මෙවැනි කෙටි පණිවිඩ වෙනත් පුද්ගලයින්ට යවා ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් තොරතරු සනාථ කර ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම සැකකරු මේ වන විට රැඳවුම් නියෝගමත ප්‍රශ්න කරමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරයි. 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'