Logo
2020 අප්‍රේල් මස 8 වැනි බදාදා
Loading...

දප්පුලද ලිවේරාගේ කඩි කුලප්පුවට අධිකරණයෙන් වැට



වැඩ තහනමකට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබේ.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන මෙන් විනිසුරු ගිහාන් පිලපිටිය විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය අද නිකුත් කරන ලදී.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් නියෝග කරන ලද්දේ නිසි පරිදි මහේස්ත්‍රාත් අධිකරණයකින් ලබාගන්නා ලද නියෝගයකින් තොරව ගිහාන් පිලිපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට වලින් හෙළි වූ කරුණු අනුව ගිහාන් කුලතුංග විනිසුරුවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබිණි.

ඊට එරෙහිව විනිසුරු විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කරන ලදී.

අදාල චෝදනා මත විනිසුරුවරයා මේ වන විට වැඩ තහනමකට ලක් කර තිබේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'