Logo
2020 අප්‍රේල් මස 3 වැනි සිකුරාදා
Loading...

පාර්ළිමේන්තු ඡන්දයේ දින නිර්ණය වෙයි



පාර්ලිමේන්තුව මාර්තු මස දෙවනිදා සහ මාර්තු හයවෙනිදා අතර දිනෙක ස්ථිර වශයෙන්ම විසුරුවා හරින බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යපා අබේවර්ධන මහතා අද (18) අනාවරණ කළේය.

මේ අතර නව සන්ධානයේ සභාපති ධූරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදිම සම්බන්ධයෙන් අද (18)  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - පොදුජන පෙරමුණු දෙපාර්ශ්වයම අදහස් පළ කළේය.

අද පැවති මාධ්‍ය හමුවකදි ඒ සම්බන්දයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ප්‍රබලම නායකයන් සිටින සන්ධානය මෙය බවත් ජනාධිපතිවරු තිදෙනෙකුගේ නායකත්වය ලැබෙන බවත්ය.

එමෙන්ම මැතිවරණයට පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත් වන බවද අමාත්‍යවරයා පැවසීය.

අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබ සාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමකදි ඔහු පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයේ සමාජිකයෙක් බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට සහය දුන්නා සේම ඉදිරියේදි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.
 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'