Logo
2020 මාර්තු මස 30 වැනි සඳුදා
Loading...

වජිර අනුර ගැටෙයි-අනුරගෙන් මහජන විඥානයට අපහාසයක්



මහ මැතිවරණයෙන් අනතුරුව තමන් එක්සත් ජාතික පක්ෂය හැර කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ සිදු කළ ප්‍රකාශයක පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. 

මේ අතර අනුරාධපුරයේ පැවති ජන හමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ නායතක්වය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිදී අදහස් දක්වමින් ජනතා විමුක්ති නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා

දේශප්‍රේමී පාලනයක් හදනවා කිව්වා. අමෙරිකානු,ඉන්දියානු විරෝධි පාලනයක් හැදුවා. රනිල් අමෙරිකානු ඒජන්තවරයෙක්.එක පාරක් උඩ පනින්න කිව්වොත් 

තුන් පාරක් කමක් නැද්ද අහනවා. කන් දෙකත් අල්ලන්නද අහනවා. රනිල්ගේ පාලනය හරහා අමෙරිකාව,ඉන්දියාව දේශපාලන හා යුදමය සැලසුම් හැදුවා. රනිල් දුර්වල නිසා කරන්න බැරිවුණා

වසර 4ක් ගිහින් MCC අත්සන් කරන්න බැරිවුණා. වසර 3ක් සෝෆා අත්සන් කරන්න බැරිවුණා හම්බන්තොට චීනෙට දුන්නා. මත්තල ඉන්දියාවට දෙන්න උත්සාහ කළා

නොරොච්චෝලේ මහින්ද චීනේට දුන්නා. සාම්පූර් බලාගාරය ඉන්දියාවට දුන්නා. රනිල්ට මුල්ගලවත් තියාගන්න බැරිවුණා. රනිල් දුර්වල නිසා කිසිවක් කරන්න බැරිවුණා. ඉන්දියාව සහ අමෙරිකාව කල්පනා කරලා. රාජපක්ෂලා ගේන්න කටයුතු කළා“

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'