Logo
2020 අප්‍රේල් මස 6 වැනි සඳුදා
Loading...

දේශීය කර්මාන්තවලට ඇති සියළු බාධා ඉවත්කරන්න-ගෝඨාගෙන් උපදෙස්



බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය. 

එමෙන්ම  විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම ද  කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමඟ අද(17) පස්වරුවේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෝටර් රථ එකලස් කිරීම, ලෝහ, පාවහන් හා සම්භාණ්ඩ, ඇගළුම්, ඖෂධ, කුළු බඩු, විදුලි උපකරණ, දැව සහ රූපලාවන්‍ය නිෂ්පාදකයෝ සහ කර්මාන්තකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

නිෂ්පාදනකරුවෝ සහ ආයෝජකයෝ  බදු ගෙවීමේ දී හා රේගුවේ දී මුහුණපාන ගැටලු සහ පරිසර ප්‍රශ්න ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළහ. 

විධිමත් ආකාරයෙන් කර්මාන්ත ඇරඹීමේ දී විවිධ පාර්ශ්ව වෙතින් මතු කෙරෙන  සෙසු ගැටලු රටේ අභිවෘද්ධියට විශාල බාධාවකි. 

අවිධිමත් සහ අනවසර ක්‍රියාකාරකම් හමුවේ පරිසර සංවිධාන මෙන්ම සමාජ මාධ්‍යයන් ද නිහඩව සිටීම කණගාටුවට කරුණකි. 

රටේ උන්නතිය වෙනුවෙන් නිසි අවබෝධයකින් ආයෝජන අවස්ථාවන්ට සහයවීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය විමල් වීරවංශ,රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'