Logo
2020 අප්‍රේල් මස 7 වැනි අඟහරුවාදා
Loading...

සිරිසේනගේ තැන කොතනද-මහින්දගේ තීරණය හෙට



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගැනීමට යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවදා දිනයේ (18) පැවැත්වීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සන්ධාන ගතවීම පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර මෙම සාකච්ඡාව ලබන අඟහරුවදා දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර බිහි කිරීමට යෝජිත සන්ධානය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවලද විවිධ අදහස් පළ විය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'