Logo
2020 සැප්තැම්බර් මස 26 වැනි සෙනසුරාදා

රනිල් බැඳුම්කර සල්ලි බෙදනවා-සජිත් පිළෙන් චෝදනා





ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඒ සඳහා රුපියල් ලක්ෂ 25ක මුදලක් මූලිකව ලබාදෙන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

ඉදිරි මැතිවරණය වෙනුවෙන් සංවිධාන කටයුතු ඇරඹීමට මෙම මුදල ලබාගෙන දෙන අතර ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ද තවදුරටත් මුදල් ලබාදෙන බව දැනුම් දී ඇත.

මෙම හමුව සඳහා පක්ෂ නායකයා මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ මෙසේ ලබා දෙමින් සිටින්නේ මහ බැංකු බැඳුම්කර මඟඩියෙන් ගසා කෑ මුදල් බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'