Logo
2019 සැප්තැම්බර් මස 23 වැනි සඳුදා

ජනපති මාලදිවයිනේදී ද්විපාර්ශවික ගිවිසුම් 03 කට අත්සන් තබයි

මාලදිවයින් සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශවික සහයෝගිතා ගිවිසුම් 03 කට අත්සන් තබා අැත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මාලදිවයින් ජනාධිපති අබ්දුලා යමී අබ්දුල් ගයුම් මහතා මාලදිවයින් මාලෙයි නුවර ජනාධිපති කාර්යාලයේදී මෙම ගිවිසුම් වලට අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ මාලදිවයිනේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය අතර ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමකට අත්සන් තබා අැති අතර එමගින් මුහුදේ දී විපතට පත්වන අය සොයා ගැනීම සහ බේරා ගැනීමේ කාර්යන් සම්බන්ධීකරණය ඉන් ආවරණය වන බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය පවසා සිටී.

සෞඛ්‍ය සේවයේ සංවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමක් ද මෙහිදී අත්සන් තැබුණු අතර ඒමගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ සහ පුහුණු කාර්ය මණ්ඩල හුවමාරුව, හෙද පුහුණුව සහ උපදේශක සේවා සැලසීම යනාදිය මෙම ගිවිසුම මගින් අපේක්ෂා කරන බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය පවසා සිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'