Logo
2020 පෙබරවාරි මස 28 වැනි සිකුරාදා
Loading...

ආසාදිත නොවුණු මව් සෙනෙහස



කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය වසා දමා අදට දින 11ක්.

වෛරසයේ ආසාදිතයින් රැසක් වෙසෙන හුබෙයි පළාත සහ ජියැන්සි ප්‍රදේශය යා කෙරෙන යැන්සි ගඟ හරහා වැටී ඇති පාලම අද වනවිට වසා දමා ඇත.

එවැනි පසුබිමක ලියුකේමියා රෝගයෙන් පෙළෙන තම දියණියට ප්‍රතිකාර ලබාගැනීමට එම පාලම මත ආරක්ෂක මුරපොළක් පසුකර යාමට අවසර ඉල්ලමින් කාන්තාවක් හඬා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අද මාධ්‍ය වෙත නිකුත් වී තිබුණි.

ඇය ඉල්ලීම් කර සිටියේ වෛරස ආසාදිත රෝගීන්ගෙන් හුබෙයි පළාතේ රෝහල් පිරීයාම හේතුවෙන් සිය දියණියට වෙනත් රෝහලක් සොයාගැනීම සඳහායි.

ඇය තමන් මුහුණ පෑ තත්ත්වය ආරක්ෂක මුරපොළ අසල විදෙස් මාධ්‍යවේදීන් වෙත සැලකර පැයකට පමණ පසු මව සහ දියණිය රෝහල වෙත රැගෙන යාමට ගිලන් රථයක් පැමිණ තිබූ අතර ඇයව ශාරීරික පරික්ෂාවකට ලක් කිරීමෙන් පසු මුදාහැරුණි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'