Logo
2020 පෙබරවාරි මස 25 වැනි අඟහරුවාදා
Loading...

මුහුණු ආවරණවලටත් උපරිම සිල්ලර මිළක්



ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

උද්ගතව ඇති කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් වෙළෙදෙපොලෙහි අලෙවි කිරිමට තිබූ ඉවත දැමිය හැකි මුහුණු ආවරණ අධික මිල ගණන් යටතේ වෙළෙදුන් විසින් ජනතාවට විකුණනු ලබන බවට මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින් ගන්නා ලද තීරණයකට අනුව 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 142 වගන්තිය යටතේ උපකරණ මිල නියම කිරිම නියෝග අනුව ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අද දින (29) අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

ඒ අනුව පහත සඳහන් වෛද්‍ය උපකරණවල අනුමත නාමය අනුව අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වේ.

ඉවත දැමිය හැකි මුහුණු ආවරණයක්              රු.15/=

ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණයක්    රු.15/=

N95 වර්ගයේ මුහුණු ආවරණයක්                  රු.150/=

එමෙන්ම ඉහත මිල ගණන් අභිබවා මුහුණු ආවරණ  අලෙවි කරනු ලබන වෙළෙදුන්ට‌ සහ තොග සඟවා තබා ගන්නා වූ වෙළෙදුන් හට නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටි.

මේ දිනවල ඉවත දැමිය හැකි මුහුණු ආවරණ අධික මිල ගණන් යටතේ වෙළෙදුන් විසින් ජනතාවට විකුණනු ලබන බවට මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

අප වාර්තාකරුවන්ද ප්‍රකාශ කර සිටියේ කොළඹ අවට ඇතැම් ෆාමසි හා වෙළඳසැල්වලින් ඉවත දැමිය හැකි සාමාන්‍ය මුහුණු ආවරණ රුපියල් 50 සිට රුපියල් 100ක් පමණ වු මිල ගණන්වලට ද අලෙවි කිරීම සිදු කළ බවයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'