Logo
2020 සැප්තැම්බර් මස 28 වැනි සඳුදා

හොරුන් නැති පාඩු පමණක් ඇති අපූරු වෝහාරික වාර්තාව හොරාගෙන් පේන ඇසීමක්





හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවක ආණ්ඩුවේ කිසිඳු මැති ඇමතිවරයෙකු බැදුම්කර වංචාවට සම්බන්ධ බවට වෝහාරික විගණන වාර්තාවේ කිසිඳු සඳහනක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කරන කරයි. 

අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළේය. 

එහිදි මන්ත්‍රීවරයා පැවසුවේ වංචාවක් සිදුවූවානම් එම සමය තුල තැරැව්කරුවන් නිහඬ සිටියේ ඇයිද යනුවෙන්ය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ නිහඬ සිටියේ ඇයිද යනුවෙන්ද මන්ත්‍රීවරයා එහිදි ප්‍රශ්න කළේය.

එවැනි වංචාවක් සිදු වි ඇති බවට විගණන සටහනවල සඳහන් වී නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පසුගිය ආණ්ඩු සමයේ බැදුම්කර වංචාව සිදු වු බවට විගණකාධිපතිගේ විගණන වාර්තාවෙන් සනාථ වු බවත් නමුත් වත්මන් වර්තාව සකසා ඇත්තේ ඉන්දියානු ආයතනයක් බවත් එම ආයතනය තෝරාගන්නෙ අර්ජුන් මහේන්ද්‍රන් පත්කළ මහබැංකු මූල්‍ය මණ්ඩලය බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එම නිසා එය හොරාගෙන් පේන ඇසීමක් වැනි කටයුත්තක් බවද මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර  විපක්ෂ නායකවරයා පළකරන අදහස් සම්බන්ධයෙන් ද උදය ගම්මන්පිල මහතා එහිදි අදහස් පළකළේය. 

 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'