Logo
2020 සැප්තැම්බර් මස 27 වැනි ඉරිදා

දයාසිරි නැට්ට හකුලා ගෙන පල්ලම් බසී





සන්ධානයේ පක්ෂ නායකයින් එකඟ වන ඕනෑම ලකුණකින් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එහි මහලේකම් ,රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂ මූලස්ථානයේ අද (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න කිහිපයකට අමාත්‍යවරයා මෙලෙස පිලිතුරු ලබා දුන්නේය.,


"ප්‍රශ්නය 1 - ඔබතුමා කිව්වා සන්ධාන ගතවෙලා මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානමක් තියෙනවා කියලා.නමුත් මේ දිනවල අපි දකිනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් ඔවුන් නිරන්තරයෙන්ම කියන්නේ පොහොට්ටුව ලාංඡනය තමා ජයග්‍රාහී ලකුණ කියලා ?

පිලිතුරු-ලකුණ ගැන ප්‍රශ්න කතාකරන්නේ
අපේ නායක මට්ටමේ රැස්වීම්වල
පාර දිගේ ලකුණ ගැන කතාකරන්නේ නැහැ
අද පක්ෂ නායක රැස්වීමේදී කතා කරනවා

ප්‍රශ්නය 2 - හැබැයි නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා කිව්වේ අපි බකමූණා ලාංඡනයෙන් හරි තරග කරමු කියලා ?

පිලිතුරු-ලකුණ ගැන අපිට ප්‍රශ්නයක් නැහැ
ලකුණේ අපි එල්ලිලා ඉන්නේ නැහැ
පක්ෂ නායකයෝ එකඟවෙන 
ඕනෑම ලකුණකින් අපි තරග කරනවා

ප්‍රශ්නය 3 - ඒ කියන්නේ පොහොට්ටුවෙන් වුනත් ගැටලුවක් නැහැ ?

පිලිතුරු-සන්ධානය තුළ හදන
ඕනෑම ලාංඡනයකින් ඉදිරිපත් වෙන්න පුළුවන්

ප්‍රශ්නය 4 - සන්ධානය දැනටමත් හදලා නේද තියෙන්නේ ? එතකොට එදා අත්සන් කළේ මොකක්ද ?

පිලිතුරු-එය ලියාපදිංචි කළ යුතුයි
පොදුජන එක්සත් පෙරමුණ යටතේ 
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය"







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'