Logo
2020 සැප්තැම්බර් මස 18 වැනි සිකුරාදා

කොරෝනා වෛරසයට බෙහෙතක් නෑ.. ආසාදිතයෙකුගෙන් අඩුම තරමේ 5-6කට හැදෙනවා..- GMOA කියයි..





නව කොරෝනා වෛරසය සඳහා මේ වන තෙක් නිශ්චිත ප්‍රතිවයිරස ඖෂධයක් සොයාගෙන නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සදහන් කලේය.

දැනට ලෝකයේ වෛද්‍ය විශේෂඥයන් විසින් ඇස්තමේන්තු කර ඇති ආකාරය අනුව මෙම වෛරසය ආසාදිතයෙකු ගෙන් අඩුම තරමින් තව පුද්ගලයන් පස්දෙනෙකුට හෝ හය දෙනකුට වෛරසය ආසාදනය විය හැකි බවද ඔහු පැවසීය.

එය ඉතාම භයානක තත්වයක් බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා කියා සිටියේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'