Logo
2020 මාර්තු මස 30 වැනි සඳුදා
Loading...

මගේ ශීතාගාර ව්‍යාපෘතිය ඉක්මන් කරන්න-හර්ෂගෙන් ඉල්ලීමක්



කාලෙන් කාලෙට එළවලු මිල ගණන් අඩු වැඩි වෙනවා. මෙයට විසඳුමක් විදිහට තමයි අපි ලංකාවේ ප්‍රථම වතාවට උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ශීතාගාර ඉදිකිරීමට සැලසුමක් සකස් කළේ.

ඒ සැලසුමට අනුව උෂ්ණත්වය සහ තෙතමනය පාලිත ලංකාවේ පළමු කෘෂි ශීතාගාර සංකීර්ණය දඹුල්ලේ ඉදිකිරීම අපි ආරම්භ කළා. නමුත්, කණගාටුවෙන් වුවත් කිව යුත්තේ එහි ඉදිකිරීම් කටයුතු මේ වනවිට ප්‍රමාදවෙලා තිබෙන බවයි. අඩුම ගණනේ ළුණු ගොවීන්ගේ අස්වැන්න එනකොටවත් මෙහි වැඩ ඉවර කරගන්න පුළුවන් වුණොත් රජයට කෘෂි අස්වනු මිල ගණන් යම් පමණකට පාලනය කරගන්න පුළුවන් වේවි.

මෙම කෘෂි ශීතාගාර සංකීර්ණයේ ඉදිකිරීම් වෙනුවෙන් සහයෝගය අවශ්‍ය නම් එය ලබාදීමටත් මා සූදානම්.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'