Logo
2020 පෙබරවාරි මස 25 වැනි අඟහරුවාදා
Loading...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්



නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල තවමත් රජයට පවරාගෙන නොමැති බවත් පසුගිය මාස 30ක කාලය තුළ එම පෞද්ගලික රෝහලේ  නඩත්තු සඳහා රජයේ මුදලින් රුපියල් බිලියන 7ක්  වැය කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චොදනා කරයි.

එම රෝහල රජයට පවරාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කෙරුණු ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභා වාර්තාව වහා ප්‍රසිද්ධියට පත් කරන ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්යමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසීය.

රෝහල පාඩුවට පවත්වාගෙන ගියේ. රජයට ගන්න කිව්වේ නැහැ. පවරාගත් බවට ඇමති රාජිත උත්සවයක් පැවැත්වූවා 
ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළා. පෞද්ගලික පාර්ශ්වයකට අයිතිබවට. සාක්ෂි විභාගයේදී ඔප්පු වුණා

එම වාර්තාව ප්‍රසිද්ධ කරන්න. රජයට පවරාගත් බවට වූ කැබිනට් පත්‍රිකාවට අනුව. 2017 අගොස්තු පළමුවනදා සිට රු.මිලියන 7500ක් වැයකරලා. රෝහලේ මුළු ඇස්තමේන්තුව රු.බිලියන 3.55යි

කැබිනට් පත්‍රිකාවට අනුව. මාස 30ට වියදම්කළ මුදල බිලියන 7.55ක්. වටිනාකමට වැඩි ගණනක් නඩත්තුවට. වගකිව යුත්තන්ගෙන් මුදල අයකර ගත යුතුයි. නීති විරෝධිව රෝහලට 

රාජ්‍ය සේවයේ හෙද නිලධාරීන් අනුයුක්ත කරලා. වැටුප් ගෙව්වේ කාන්තා රෝහලෙන්. පෞද්ගලික රෝහලට අනුයුක්ත කළේ කොහොමද? .අදටත් මුදල් යොමුකරනවා පෞද්ගලික රෝහලට“






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'