Logo
2020 පෙබරවාරි මස 18 වැනි අඟහරුවාදා
Loading...

මෙගා පොළිස් රණවක නැඟෙනහිර වෙරළේ ඉඩම් රැසක් හොර ඔප්පු හදා විකුණලා



පැවති ආණ්ඩුවේ ඇතැම් බලවතුන් සාවද්‍ය ඔප්පු සාදමින් නැගෙනහිර පළාතේ ඉඩම් වංචනික ලෙස විවිධ පිරිස් වෙත විකුණා ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාරලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිළමේ මහතා අද(23) හෙළිදරව්වක් කළේය.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිළමේ මහතා මේ බව පැවසීය.

“රජය සතු ඉඩම් වංචනික ලෙස විකුණුවා. නැගෙනහිර පළාතේ මුහුද අයිනේ ඉඩම්. අක්කරයක් ලක්ෂ 300ක් පමණ වනවා

ඉඩම් අක්කර 200,300 විකුණලා. අද මිනිස්සු දුක් විඳිනවා. මෙගා පොලිස් කියලා අමාත්‍යාංශයක්. එහි ඇමතිවරයා ආයෝජකයින්ගෙන්. ලක්ෂ 5000 ,10000 අරගෙන. ඒ හොර ලියකිවිලි අපි සතුයි. අධිකරණයේ වුණ දේවල් අනුව. අපි බයයි අදාළ ලියකියවිලි භාරදෙන්න“

මේ අතර විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී තෙල් මිල සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගියද ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදුනොවන බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'