Logo
2020 පෙබරවාරි මස 26 වැනි බදාදා
Loading...

කෝටි ගණනක රත්‍රන් සමඟ තරුණයෙන් දෙදෙනෙක් කොටුවෙයි



රුපියල් කෝටි පහක් පමණ වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීම සඳහා රැගෙන යමින් සිටි තරුණයන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් තොටුපළ ලොබි ශාලාවේ ආවේක්ෂණ රාජකාරීවල නියැලී සිටි ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(23) අලුයම මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරම්කරුවන් පිරිස අතරින් දෙදෙනකු කොළඹ දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ යන ප්‍රදේශවල පදිංචි 28 හැවිරිදි වියේ පසුවන තරුණයන් දෙදෙනෙකි. 

ඔවුන් සමඟ සිටි දරුවා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙකි.

ඔවුන් ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව වෙත පිවිසීම සඳහා ගුවන් තොටුපළ ප්‍රවේශ පත්‍ර තුනක් ලබා ගෙන , ගුවන් තොටුපළ තුළට පැමිණ ,  විදේශයකින් පැමිණි කිසිවෙකුගෙන් මෙම රත්තරන් තොගය ලබා ගෙන , අද අලුයම 3.30 ට පමණ ගුවන් තොටුපළෙන් පිටතට යෑමට සූදානම් වෙමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

එහිදී මෙම 15 හැවිරිදි කුඩා දරුවා අත වූ ගමන් මල්ලක කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 500 ක් පමණ බර වූ මෙම රත්තරන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන තිබුණි.

ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'