Logo
2020 පෙබරවාරි මස 22 වැනි සෙනසුරාදා
Loading...

හඬ විතරක් ඇසුණු හරයක් නොමැති රන්ජාගේ පාර්ළිමේන්තු කතාව



රන්ජගෙ පාර්ලිමේන්තු කතාවේ නම් සදහන් වූ අය: ගෝටාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, කාන්චන විජේසේකර, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, බුද්ධික පතිරන, නිශාන්ත මුතුහෙට්ටිගම, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, තිලංග සුමතිපාල දිලිත් ජයවීර.
-----
ගෝටාභය රජපක්ෂ
කෝල් එකක් කවදාවත් දුන්නෙ නැතිලු. සිරීපාදේ ගන්ටාරේ හොරකම් කලා කියලා මල්ලිලා කියන්න කිව්වත් එය බොරුවක් නිසා කිව්වේ නැතිලු. ගන්ටාරේ පන්සලේ තියෙනවාලු.
-----
මහින්ද රාජපක්ෂ
මහින්ද රාජපක්ෂ කලා කියන්නෙ බුද්ධික පතිරනගෙ බිරිදගේ පියාවූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරියව නුගේගොඩ උසාවියට යවා වන්ෂොට් චිත්‍රපටිය රූගත කරන කාලයේ රන්ජාගෙන් සිදුවූ ස්ත්‍රී දූෂනයට පෙනී සිටීමට සලස්වා ඔහුව නඩුවෙන් නිදහස් කිරීම.

නඩුවකට නීතිඥයෙකු පෙනී සිට නඩු විභායට සහභාගී වී තමන්ගේ සේවාදායකයා නිදහස් කිරීම වරදක්ද?

ඊට පසුව මහින්ද රාජපක්ෂ සිනේ සිටි එකේදී නිශාන්ත මුතුහෙට්ටිගම සහ සංගීතාගේ "මනුස්සයා" සමග වම්ෂොට් නැරඹීම. එය බරපතල වරදක්ද?

එදින ලක්ෂ්මන් කදිරගාමර් වෙඩි වැදී මිය යාම. ඒ කාලයේ රාජ්‍ය නායිකාව රන්ජාගේ නැන්දා චන්ද්‍රිකායි. කදිරගාමර්ගේ මරනය ගැන කියන්නෙ චිත්‍රපටිය නැරඹුවේ එදිනයැයි කීමටයි.

ලක්ෂ්මන් කදිරගාමර් මිය යන්නේ එල්ටීටීඊ ස්නයිෆර් තුවක්කු ප්‍රහාරයකිනි. ඒ තුවක්කු කරුවා අධිකරනයෙන් පසුව වැරදිකරුවකු කලේය.

ශානි අබේසේකරගේ දෙවනි හඩ පටයේ ශානිම කියන්නේ "බුද්ධි අංශ ඔච්චර ප්‍රබල නම් කදිරගාමර් මහත්තයට කොළඹදි කොහොමද සර් ස්නයිෆර් ඇටෑක් එකක් දුන්නේ" කියා රන්ජාගෙන්ම අසයි.
-------
කාන්චන විජේසේකර
කාන්චන විජේසේකර කලා යැයි කියන්නේ පෙන්ටහවුස් එකට ගොස් ඒ ගෙදර හිමිකරු කවුදැයි එලි කිරීමය. ඒ එළිකර ගත්තේ එජාපයේ ඇමති කෙනෙකි රන්ජා නොකිව් නිසා මට ඔහු කවුදැයි කිව නොහැක.

රන්ජාට පසුව කාන්චන විජේසේකර පැහැදිලි කිරීමක් කරමින් ඔහු රන්ජන්ගේ ඔත්තු කරුවකු නොවන බවත් ඔහු රන්ජන්ට තොරතුරක් දුන් බවත් කීය. රන්ජා එය එසේ යැයි පිලිගත්තේය.
-----------
උදය ගම්මන්පිල
ලංකාවට ආ ශාරුක් ඛාන්ට බෝමබ ගැසුවේ කාගේ උවමනාවටදැයි ගම්මන්පිල දන්නවා යැයි කීය. ඒක එච්චරය. උදය ගම්මන්පිල එයට සම්බන්ද යැයි කීවේ නැත.
-------
බුද්ධික පතිරන
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරියගේ දුවගේ සැමියා බවට මහා හෙලිදරව්වක් කලේය.
------
නිශාන්ත මුතුහෙට්ටිගම
මහින්ද රාජපක්ෂ සමග වන්ෂොට් චිත්‍රපටිය නැරඹීම.
--------
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

ඒ මන්ත්‍රීතුමියගෙන් සමාව ඉල්ලීය. හිරුනිකා හඩපටි ඇගේ නොවේයැයි කීය. රන්ජන්ගෙ ප්‍රකාශයෙන් එය ඇගේම හඩපට බව පෙනේ. සමාව ඉල්ලුවේ මොකටදැයි දන්නේ රන්ජා පමනය.
------
වාසුදේව
නිශ්චිතව චෝදනාවක් කලේ ඔහුට විතරය. පද්මිණී රනවකව නඩුවක් සම්බන්ද හමුවූ බව කීම. ඒ ගැන පරීක්ෂණයක් කල යුතුය.
------
තිලංග සුමතිපාල

ක්‍රිකට් ක්‍රීඩාවේ මැච් ෆික්සින් කල හඩ පට ඇතැයි කීය. කීවේ එපමනකි. ඒ ගැන පරීක්ෂණයක් කල හැක. ඒත් කිව්වේ ඒ ඩිංග විතරය.
-------
දිලිත් ජයවීර
රන්ජාගේ මිතුරෙක් බවත් දෙරනින් ඔහුව ඉන්ටවීව් කිරීමට ඒමේදී රන්ජාගේම කැමරාමන් කෙනෙක් රන්ජා පාවිච්චි කරන බව කීය.
========
ඊට පසුව අගමැති රාජයෝගයක් ඇති, එංගලන්තයේ ගෙවල් ඇති අයෙකුගෙ නම කීමට වීරයා බිය විය. ඔයිට වඩා චෝදනා, හෙලිදරව් පාර්ලිමේන්තු වරප්‍රසාද නැති ෆේස්බුක් හුජ්ජා කොල්ලොත් කරති.

කුඩු ගෙන්නන බාර් පර්මිට්, පස් පර්මිට්, රේස් බයි, එතනෝල් ගෙන්වන අය ඇතැයි කීවත් නම් කීවේ නැත. මේ ෆේස්බුක් එකේ අපිත් කුඩු......, එතනෝල් ......., ආදී නම් කිව්වත් රන්ජා පාර්ලිමේන්තු වරප්‍රසාද ඇතත් කිව්වේ නැත.

මං නම් දැක්කේ ඔන්න ඔය ටික බොහෝම හයියෙන් කීම විතරය.

එහෙම නෙවෙයි රන්ජා ඔය 225 දෙනාගෙම වැරදි මෙයා මේක කලා මේක කලා කියලා කියන්න. අන්න එදාට අපි ඔයාට හෙන රෙස්පෙක්ට්.

-හිරන්ත හේරත්-





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'