Logo
2020 පෙබරවාරි මස 26 වැනි බදාදා
Loading...

ලාංකීය මව්වරුන් ලොව ආදරණීයම මව්වරුන් බවට පත්වෙයි



ළදරුවන්ට මව්කිරි දීම අතින් ශ්‍රී ලංකාව ලෝකයේ පළමු ස්ථානය දිනා ගෙන තිබේ.

මෙම තත්වය දිනාගෙන ඇත්තේ ලෝකයේ මව්වරුන් ගේ මව්වරුන් විසින් මව්කිරි දීම ප්‍රවණතා ඇගයීමේ වැඩසටහනක් මගින් සිදුකළ සමීක්ෂණයකදී ය.

ලෝකය පුරා රටවල් 120ක නියෝජනයකින් මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ නිර්ණායක දහයක් පාදක කරගනිමිනි.

ශ්‍රී ලංකාවට මෙම සමීක්ෂණයේ දී ලකුණු සියයෙන් 91ක් හිමිව තිබියදී අනෙක් රටවලට හිමිව ඇත්තේ ඊට බොහෝ අඩු ලකුණු ගණනකි.

මුල් මාස හය තුළදී මව්කිරි පමණක් දෙන ශ්‍රී ලංකික මව්රුන්ගේ ප්‍රතිශතය 82% වෙද්දී ලෝකයේ බොහෝ රටවල එම ප්‍රතිශතය 41%ක් පමණ මට්ටමේ තිබිණි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'