Logo
2020 සැප්තැම්බර් මස 27 වැනි ඉරිදා

කොරෝනා වෛරසයෙන් 6ක් මරුට-300ක් රෝහලේ





චීනය තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පිළිබඳ තොරතුරු සැඟවීමෙන් වලකින ලෙස එරට පහල මට්ටමේ නිලධාරීන් විසින් ඉහල පෙලේ නිලධාරීන් වෙතදැනුම් දී තිබේ. 

වෛරසයෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින්300 කට ආසන්න පිරිසකට ආසාදනය වී ඇති බව ඔවුන් පවසයි. 

මේ හේතුවෙන් වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් තවදුරටත් සඟවා සිටීමෙන් තවත් පුද්ගලයින් ඊට ගොදුරු වීමේ අවස්ථා ඉහල යන බව අදාල නිලධාරීන් පෙන්වා දෙයි. 

කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වැළදෙන බව මේවන විට හදුනාගෙන ඇති අතර මෙය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සලකා බලමින් සිටින බව සදහන්.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'