Logo
2020 සැප්තැම්බර් මස 29 වැනි අඟහරුවාදා

නන් දෙසින් ආ නිවුන්නු





ලොව වැඩිම නිවුන් ප්‍රජාවක් සහභාගී කරවාගනිමින් ගිනස් වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිවුන් සංගමය සංවිධාන කළ නිවුන් උළෙල අද ආරම්භ වුණි.

1999 වසරේදී 8000ක නිවුන් ප්‍රජාවක් සහභාගී කරවාගනිමින් චීන තායිපේහිදී පැවැත්වූ නිවුන් උළෙලේ ගිනස් වාර්තාව බිඳ හෙළීම මෙහි අරමුණයි.

ගිනස් වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා නිවුන් සංගමය සංවිධානය කළ 2020 පළමු ජාත්‍යන්තර නිවුන් උළෙල අද කොළඹදී පැවැත්වුණි. 

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද පෙරවරු 10ට ආරම්භ වූ එම වැඩසටහනට දිවයින පුරා විසිරුණු නිවුන් පුද්ගලයින් 12,470 ක් ලියාපදිංචි වී සිටියේය.

නිවුන් දරුවන්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික උළෙලක්ද අද පස්වරුවේ පැවැත්වුණි. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එය නැරඹීමට එක්ව සිටියේය.
 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'