Logo
2020 ඔක්තෝම්බර් මස 25 වැනි ඉරිදා

ජවිපෙ යථාර්ථය තේරුම්ගනී-ගෝඨාට ශක්තිමත් පාර්ළිමේන්තුවක් ලබාදියයුතු බව ප්‍රසිද්ධියේ පවසයි





ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් වර්තමාන ආණ්ඩුව නැවත බලය හිමිකරගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කළුතර පැවති  සම්මන්ත්‍රණයකට  එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ දේශපාලන හැසිරීම අනුව ජනාධිපතිවරණයෙන් ජය ගන්නා පාර්ශවය මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් නිර්මාණය කරන බවයි.

එනිසා ඉදිරි මහ මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට තම පාර්ශවයේ අය සමඟ ආණ්ඩුවක් ගොඩ නැඟීමට අවස්ථාව දිය යුතු බවත් එසේ නොවී එක්සත් ජාතික පක්ෂය හවුල් වුවහොත් තවදුරටත් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වනු ඇති බවත් නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'