Logo
2020 පෙබරවාරි මස 26 වැනි බදාදා
Loading...

දෙමල දේශපාලකයන්ට කප්පම් දීම අවසන්-විමල්



දෙමළ දේශපාලනඥයින්ට පසුගිය ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව කප්පම් නොදෙන බව කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, වව්නියාව කාර්මික ජනපදයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්. 

තල් සංවර්ධන මණ්ඩලයට අයත් කයිතඩි තල් පර්යේෂණ ආයතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීම සඳහා කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (17) පස්වරුවේ එහි පැමිණියේය.

අනතුරුව අමාත්‍යවරයා නිලධාරීන් සමඟ ආයතනයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

මන්නාරම ලුණු ලේවායේ නිරීක්ෂණ චාරිකාවකට ද අද (18) පෙරවරුවේ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා එක් විය.

එමෙන්ම අද පස්වරුවේ වව්නියාව කාර්මික ජනපදයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය.

මේ අතර වැසීගිය ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිරීක්ෂණ චාරිකාවකට හම්බන්තොට වියත් මඟ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් අද එක් විය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'