Logo
2020 පෙබරවාරි මස 19 වැනි බදාදා
Loading...

ගණිකා නිවාස 25ක් එකවර වටලයි -57ක් අත්අඩංගුවට



කොළඹ අවට සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යනු ලැබු නීති විරෝධී ගණිකා නිවාස 25ක් වටලා කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තු මත මෙම පසුගිය 16 වනදා වැටලීම සිදු කර ඇති අතර නීති විරෝධී ගණිකා නිවාස පවත්වාගෙන යන බවට ලද තොරතුරු අනුව සම්භාහන මධ්‍යස්ථාන 35ක් පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යනු ලැබු නීති විරෝධී ගණිකා නිවාස 25ක් වටලා ගණිකා නිවාස කළමණාකරණය ඇතුළු ඒ හා සම්බන්ධ වැරදි සිදුකළ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 57ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගණිකා නිවාස බොරැල්ල, වැල්ලවත්ත, කිරුළපන, බම්බලපිටිය, නාරාහේන්පිට, ග්‍රෑන්ඩ්පාස්, මරදාන හා තලංගම යන ප්‍රදේශවල පවත්වාගෙන යනු ලැබු ඒවා බව පොලිස් මූලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් එම පොලිස් බල ප්‍රදේශවලට අයත් අධිකරණ වෙත ඉදිරිපත් කර ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'