Logo
2020 සැප්තැම්බර් මස 24 වැනි බ්‍රහස්පතින්දා

කොණ්ඩය අහිමිවූ රන්ජන් අධිකරණය හමුවට





රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීම හා මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී සැකකටයුතු සංයුක්ත තැටි, දෘඩ තැටි හා ලිපිලේඛන සොයාගැනීමේ සිද්ධියට අදාල නඩුවට පෙනී සිටීම සඳහායි.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 5 වනදා මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම පිස්තෝල ගිනි අවිය සහ සැකකටයුතු භාණ්ඩ සොයාගෙන තිබුණි.

ඒ අනුව එහිදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණු අතර නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හැරුණි.‍

රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් සිදුකරන ලද මතභේදාත්මක දුරකථන සංවාදවලට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පසුගිය 14 වනදා ඔහු යලි අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'