Logo
2020 සැප්තැම්බර් මස 27 වැනි ඉරිදා

පුරන් කුඹුරු විවිධාංගීකරණයට අවසර





ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට වසර කිහිපයක් මුලුල්ලේ මහජනතාවගෙන් ලැබුණ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජලය ලබා ගැනීමේ අපහසුතාවය මත නිශ්චිතවම වගා කළ හැකි මට්ටමේ නොපවතින පුරන් කුඹුරුවල වෙනත් වගාවන් කිරීමට මෙම වසරේ ජනවාරි මාස සිට අවසර දීමට ගොවිජන සංවර්ෂන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර ඒ සඳහා අදාළ චක්‍රලේඛනය මේ වන විට නිකුත් කර ඇත..

මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන අනුව කන්න 10ක් පමන චගා කර නොමැති පුරන් කුඹු‍ටුවලට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයකින් තොරව ඕනෑම අතුරු බෝගයක් වගා කිටීමට අවසර ලබා දී තිබේ..ඒ අතර ගම්මිරිස් , මඤ්ඤෙක්කා, ආදිය වගා කිරීමටත් , ජලජ මල් වර්ග , සත්ව පාලනය , මිරිදිය මත්ස වගාව , ගව කො‍ටු , හරිතාගාර , වැනි දේ ආරම්භ කිරීමටත් අවකාශ සැලසේ.නමුත් කුමන හේතුවක් නිසාවත් මෙම ඉඩම්වාල පස් පිර වීමට අවසර නොදෙන අතර රබර් , පොල් වැනි බහු වාර්ෂික බෝග වගා කිරීමටද අවසර නොලැබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

විදේශ රටවලින් පලතුරු , වෙනත් බෝග වර්ග ආනයනය කිරීමටද යන වියදම අඩු කරගනිමින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමට මෙම වැඩ පිළිවෙල තුලින් අපේක්ෂා කෙරේ.පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කල මැතිවරණ ප්‍රකාශනයේද ,රටෙහි කෘෂිකර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් පියවර ගන්නා බව සඳහන් කල අතර ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දීමට තීරණය කිරීමද එහි එක් පියවරක්.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'