Logo
2020 ජනවාරි මස 25 වැනි සෙනසුරාදා
Loading...

උගතුන්-බුද්ධිමතුන් හා වෘත්තීයවේදීන්ට අකිලගෙන් නාමයෝජනා



ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී උගතුන්, බුද්ධිමතුන් හා වෘත්තීයවේදීන්ට තම පක්ෂය වැඩි අවස්ථාවක් ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තරුණ තරුණියන්ට රැකි රක්ෂා ලබා දෙන මුවාවෙන් ආණ්ඩුව ජනතා ගැටලු මඟහරිමින් සිටින බවයි.

පක්ෂ නායකත්වය පිළිබඳව මාද්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

"පක්ෂයේ විවිධ අදහස් හා මතවාද තියෙනවා, කරූ ජයසූරිය නායකත්වයට එකතු කරන්න කියනවා.

නායක ස්වාමින්වහන්සේලා මට දැනුවත් කළා.

මේ තිදෙනාම එකතු වෙලා යන්න ඕන කියලත් කියනවා.

සජිත්ට පමණක් සියල්ල දෙන්න කියන අයත් ඉන්නවා.

අවසානයේ අපි යායුතු ගමන තීරණය කරනවා.

පක්ෂය කැඩෙන්නේ නැති ඕන ක්‍රමයකින් අපි ඉදිරි තීරණ ගත යුතුයි.

පක්ෂයක වැදගත් එකමුතුකමයි.

හැමෝම එකතු කරන් යන්න උත්සාහ කරන්නේ"

අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ඊළඟ පාර්ලිමේන්තුවට තරග වැඳීමට කැමති උගතුන්, බුද්ධිමතුන් හා වෘත්තීයවේදීන්ට ආරාධනා කර සිටින බවත් රටට වැඩදායී දේශපාලකයින් බිහි කිරීම වෙනුවෙන් ඒ අයට එකතු විය හැකි බවත්ය.

ඒ සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් නමින් අයඳුම්පත් යොමු කරන ලෙසත් ඔහු ප්‍රකාශ කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'