Logo
2020 ජනවාරි මස 30 වැනි බ්‍රහස්පතින්දා
Loading...

ලොව ප්‍රබලම රටවල් හතරක රාජ්‍යත්‍රාන්තිකයන් එකවර හමුවේ-MCC ගිවිසුම ගැන තීරණය ජනතා අදහස් මතයි-ගෝඨා කෙළින්ම කියයි



මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතුවලදී ජනතා අදහස් සැළකිල්ලට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය හමුවේ අද කියා සිටියේය.

දෙදෙනා අතර අද කොළඹදී පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර විදෙස් දූත පිරිස් කිහිපයක්ම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණි.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර මහජන චීන සමුහාණ්ඩුවේ විදේශ අමාත්‍ය චැන්ග් යී මහතා අද ජනාධිපතිවරයාව හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික හවුල්කරු වශයෙන් චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ අභිලාශයන් වෙනුවෙන් පෙනි සිටින බව මෙහිදි චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

එමෙන්ම රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතාද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණි.

මේ පිළිබඳ නිල ගිණුමේ සටහනක්ද තබා තිබේ.

ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් ගත වූ පැය 24 තුළ මෙරටට පැමිණීම දුලබ දේශපාලන සිදුවීමකි. මේ අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය (Alice wells), චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wang Yi) රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රෝව් (Sergey Lavrov) සහ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ (Kozo Yamamoto) යන මහත්වරු ඊයේ සහ අද මා හමුවූහ.

බිඳ වැටුණු ආර්ථිකය යළි නගා සිටුවීම මාගේ ධූර කාලය තුළ අපේක්ෂිත ප්‍රධානතම කාර්යය බව ඔවුන් සමග සඳහන් කළෙමි. ඒ වෙනුවෙන් අප රජය ගෙනයන වැඩපිළිවෙළ අගය කළ විදේශ නායකයෝ ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ, රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළට සහ සෑම ක්ෂේත්‍රයකම කඩිනම් සංවර්ධනයක් අත්කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට උපරිම සහය දෙන බව ප්‍රකාශ කළහ.

#GotabayaRajapaksa #VisionInAction






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'